වී අලෙවි මණ්ඩලයට අයත් දඹුල්ල කණ්ඩලම ප්රධාන වී ගබඩාවේ ගබඩා කර තිබූ වී මිට දින ගණනාවක්ට ඉහත දී අවස්ථා කිහිපයක වී මිටි දෙසීයකට අධික ප්රමාණයක් සොරාගෙන ගොස් ඇතැයි වී අලවි මණ්ඩලය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
දඹුල්ල කණ්ඩලම වී අලෙවි මණ්ඩලයේ එක් ගබඩාවක ටකරන් තහඩු ගල්වා මෙම වී සොරාගෙන ගොස් තිබෙන බවත් එහි තාවකාලික පත් කොට සිටකොට සිටින මුරකරුවෙකු වී අලෙවි මණ්ඩලයට දැනුම් දීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ
එමෙන්ම මෙම වී තොග සොරාගෙන ගිය කණ්ඩායම් පිළිබඳව සහ වාහන පිළිබඳව මේ වන විටත් පොලීසියට සියලු තොරතුරු ලබාදී තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ තාවකාලිකව රඳවා සිටින මුරකරු සඳහන් කළේය.
පසුගිය 29 වන දින මෙම සොරකම් සිදු වී තිබෙන බවත් මේ වන තුරුත් ඊට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්ක් හෝ කොපමණ වී ප්රමාණයක් සොරා ගෙන ඇද්ද යන්න නිශ්චිත වශයෙන් ගණනය කර නැති බව වී මිටි 200 සොරාගෙන ඇති බවට විශ්වාස කරන්නේ යැයි එම මුරකරු අප සමග සඳහන් කළේය.
දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකරුශාන්ත පෙරේරා මහතාගෙන් අප මේ පිළිබඳවව විමසීමේදී කියා සිටියේ වී සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් යම් කණ්ඩායමක් පිළිබඳව සහ වාහන තොරතුරු ගැන පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පැවසීය
කෙසේ වෙතත් මෙම වී ගබඩාවේ වී සොරා ගත්තේ ද එසේත් නොමැති නම් වෙනත් යම් කටයුත්තක් සිදු වුණේ ද යන්න වෙනම අංශයකින් පරීක්ෂණ පවත්වන බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .
රජයේ වී මිලදී ගැනීමේ ක්රියාවලිය යටතේ ගොවීන්ගෙන් මිලදී ගත් වී තොග කන්දලම ගබඩා වෙහි තැන්පත් කොට ඇතත් එම ස්ථානයේ ගේට්ටු සහ වී ගබඩා සංකීර්ණය අනාරක්ෂිතව පවතින බව එහි ගිය අපට දැක ගැනීමට හැකිවිය
එමෙන්ම වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩාව පුරා රාත්රී කාලයේ වන අලින් ගැවසීම නිසා මුරකරුවෙකු ට හෝ රැඳී සිටීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බව තාවකාලික මුරකරු වැඩිදුරටත් පැවසීය .සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
