බුලත්සිංහල පොලිස් වසම තුළ සොරකම් රැසක් සිදුකර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපළ සොරා ගත් " මෝල්කාව චමියා" නමැත්තා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
සැකකරු එලෙස සොරා ගෙන තිබූ යතුරු පැදි දෙකක්,පාපැදි හයක් ,වතුර මෝටරයක්,ගෘහස්ථ ගෑස් සිලින්ඩර දෙකක් , වායු පීඩන යන්ත්‍රයක්,වාහන බැටරියක් හා රබර් ෂීට් තොගයක් පොලිසිය භාරයට ගෙන ඇත
ඉකුත් මාස දෙකක පමණ කාලය තුළ බුලත්සිංහල පොලිස් වසමේ වරින් වර සොරකම් රැසක් සිදු වූ අතර
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ක්‍රියාත්මක කළ අපරාධ මෙහෙයුමට සමගාමීව සිදු කළ විශේෂ විමර්ශනයේ දී සැකකරු පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
දැඩිව හොරයින් මත්කුඩු පානයට ඇබ්බැහිව සිටින සැකකරු රාත්‍රී කාලයේ දී සැකකටයුතු අයුරින් සැරිසරන බවට ලද තොරතුරක් අනුව බුලත්සිංහල මොරවක වත්ත කැලෑවේ වාඩියක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී බුලත්සිංහල පොලිස් වසම තුළ පාපැදි සහ යතුරුපැදි සොරකම් අටක් ඇතුළු සොරකම් දාහතරකට සම්බන්ධ බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙකු කීය.
සොරාගත් සියලුම දේපල බුලත්සිංහල , බදුරලිය ආදී ප්‍රදේශවල පුද්ගලයන්ට ඉතා අඩු මුදලට විකුණා සියලුම මුදල් වලින් හොරයින් මත්කුඩු පානය කිරීමට අමතරව බූරු ගසා තිබූ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මෝල්කාව පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.