වැල්ලම්පිටිය කොලොන්නාව ජි. ජි . මාවතේ නිවසක් වටලා රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකාරිය සමඟ මත්කුඩු ග්රෑම් 35 ක්,ජාවාරමෙන් උපයා ගත් බව බවට සැක කරන රුපියල් එක් ලක්ෂ විසි හය දහසක මුදලක්,විද්යුත් තරාදියක් සහ ජංගම දුරකථනයක් පොලිසිය භාරයට ගෙන ඇත.
ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු හතළිහක තැනැත්තියකි.
සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාරදී ඇත.