ගෝඨාභය ජනපතිවෙලා හිටපු නිසා මම මෙතෙක් කල් ඒක කිව්වේ නෑ
රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළේය.
ඔහු සඳහන් කළේ එම තීරණය සමස්ත රටටම එකවර ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය වැරදි බවයි.
කෙසේ වෙතත් තමන් කෘෂිකර්ම ඇමති ලෙස කටයුුතු කළත් තමන්ට පොහොර විෂය නොතිබූ බවත් ඔහු පැවැසීය.
“අපි මේ තීන්දුව ගත්තේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී. ඒ වෙනකොට යල කන්නයට අපි පොහොර ගෙනල්ලා තිබුනේ. මහ කන්නයට තමයි පොහොර හිඟයක් ආවේ.
මහ කන්නයට පොහොර හිඟයක් තිබුණ නිසා නිශ්පාදනයේ විශාල අඩුවිමක් සිදුවුණා ඒකේ තර්කයක් නෑ. රසායනික පොහොරවලින් තොර කරපු ප්‍රතිපත්තියේ වරදක් නැ.
වරද තියෙන්නේ රටම එකවර කරපු නිසයි. අපිට තිබුණා කාණ්ඩ වශයෙන් කරන්න. පසුගිය කාලයේ මම තරම් බැනුම් අහපු දේශපාලඥයෙක් මේ රටේ නෑ.
මගේ තරම් පඹයෝ පුච්චපු දේශපාලඥයෙක් මේ රටේ නෑ. ඩි.එස්. සේනානායක මහත්තයාගේ ඉදලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනකම් පඹයේ පිච්චුවේ මගේ වැඩිම.
අනුන්ගේ දරුවෙකුට උප්පැන්න දෙන්න ගිහින් මම මගේ දරුවෝ ටික පුච්ච ගත්තා. මම කෘෂිකර්ම ඇමති ලෙස දිවුරුම් දෙන කොට පොහොර විශය මට නෑ. පොහොර සඳහා වෙනම රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මොහාන් සිල්වා. අනිත් කෙනා ශෂේන්ද්‍ර රාජපක්ෂ. මේ අමාත්‍යාංශවලට ලේකම්වරු හිටියා. ඒ අයට බලය පවරලා තිබුණා.
ජනාධිපතිතුමා මට කිව්වා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායෙන් තමයි මේක මෙහෙයවන්නේ. මේක බලපාන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පරිසර අමාත්‍යාංශයට. මේකේ ආදීනව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කථා කරනවා.
මේකට වෙනම රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා ඔබතුමා කලබල වෙන්න එපා කිව්වා. මමත් බැලුවා මගේ විශයට අදාළ නෑ. අවසානයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය එක දවසකවත් රැස්වෙලත් නෑ. පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය වචනක් කතා කරලත් නෑ.
රාජ්‍ය අමාත්‍යවරු කථා කරලත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මට මේ වෙනුවෙන් පෙනී සිටින්න සිදු වුණා. කිසිම අසූචි නැවක් ගැන මම වග කියන්නේ නෑ. මොකද මට ඒක අදාළ නැ.
පොහොර ආනයනය කිරීම, බෙදා හැරීම ගැන මට වගකීමක් නෑ. මම මෙතෙක් කල් ඒක කිව්වේ නෑ මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවෙලා හිටපු නිසා.”
popular news
-
Kumar Tuesday, 06 September 2022 04:27 PM
Gotagen ahawwoth kiyayi oka kiyanney boru kiyala.
Reply : 0 0
janahitha Thursday, 08 September 2022 04:00 AM
Dolar okkoma nathivegena yanakota eka sanagavala dolar nathi nisa gath palamu thinduva pohora thahanama devanuva kisivak gennanna bari una videsha sanchitha sorakam kale desapaluvange sorakanalada videsha sampath nadaththuvata thamun thama birindata gevana vandi gana katha kalaoth siyalla elivenava api balamu ratata sorun pathkarana asana kurunagala saha mahanuvara disthrikka pradanaya
Reply : 0 0
janabala asamagi Thursday, 08 September 2022 04:02 AM
dolar nathi nisa palamuva pohora nathi uana devanuva gas petor diesal panadoluth nathi una meya bana kiyanava janathavata
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

