“භාරදුන් අභියෝගය භාර ගෙන දකුණේ ඝාතන රැල්ල නිසැකවම මර්දනය කරනවා” යැයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියයි. ගාල්ල මාපලගම සිරිසුනන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට අද (06) සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා මෙසේද පැවසීය.
“දකුණේ පාතාලයක් කිව්වට ඇත්තටම සිද්ධ වෙන්නේ අපරාධ කරන කණ්ඩායමක් එහෙම නැත්නම් කිහිප දෙනෙක් යම් යම් ප්‍රදේශවල සිදුකරන අපරාධ. ඒකට හේතුව ඒගොල්ලො අතර මීට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච මනුෂ්‍ය ඝාතන. ඒ වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධව තිබෙන ප්‍රශ්න කීපයක්.
කෙසේ වෙතත් මේ සම්බන්ධව සොයා බලන්න අම්බලන්ගොඩ ප්‍රදේශයට හතළිහක පමණ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා. ඒ වගේම පොලිස් අධිකාරිවරයකු එක්ක අට දෙනකුගෙන් යුක්ත අතිරේක කණ්ඩායමක් ලෙස විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා.
ඒ වගේම සිද්ධීන් 11ක් වාර් තා වෙලා තියෙනවා. දැනට මේ වනවිට සැකකරුවන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා, සිද්ධීන් හතරකට අදාළව. ඒ වගේම ටී 56 ගිනි අවියක්, බ්‍රවුනින් වර් යේ පිස්තෝලයක් සොයාගෙන තියෙනවා, මනුෂ්‍ය ඝාටහන තුනකට අදාළව.
අපි මේ පරීක්ෂණ දිගටම සිදුකරනවා. සමහර සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මේ අභියෝගය භාර ගෙන අපි මේ ඝාතන රැල්ල නිසැකවම මර්දනය කරනවා”
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්