saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5092 hours ago

LATEST

ඇමෙරිකානු තානාපතිනිය හදිසියේම ජනපති රනිල් හමුවෙයි

calendar_today 2022 ජුලි 22 - 19:58 remove_red_eye - 2188  

තමන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවත් ජනපති ලේකම් කාර්යාලය ආසන්නයේ සිටි විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරීම පිළිබඳව තම දැඩි කනස්සල්ල ජනපතිවරයාට ප්‍රකාශ කළ බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපිති ජුලි චුංග් මහත්මිය පැවැසුවාය.

ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යහන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී මතුකරන ලද කරුණ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීම අනුව ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

Read More

තේ වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ලබා දීමට අද දින තීරණය කරන ලද බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට අනුර දිසානායක මහතා පත්කර තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත්කර තිබේ.

Read More

ජනපති ලේකම් කාර්යාලයෙ රැදී සිටි පුද්ගලයන් ඉන් ඉවත් කිරිමට ආරක්ෂක අංශ අද දින අලුයම් කාලයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසි මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.

Read More

‍ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ට කොරියානු රැකියා ලබාදීමේ වැඩසටහනට සමගාමීව රැකියා ගිවිසුම් අත්සන් කිරිම මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

Read More

මීට පෙර විදේශ කටයුතු අමාත්‍යධුරයේ කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. ඔහු වෙනුවට අලි සබ්‍රි මහතා විදේශ කටයුතු අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.

Read More

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ වී තිබේ.

Read More

ආරක්ෂක ලේකම් ලෙස ජනරාල් කමල් ගුණරත්න මහතා යළිත් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

(LONG READS)බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ, පිලිප් ගුණවර්ධනයන් සහ වමේ රතු කුසුම ලෙස හඳුන්වන කුසුමා ගුණවර්ධනයන්, අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මා-පිය දෙපළය. 1949 මාර්තු 02 වනදා උපන්, දිනේෂ් ගුණවර්ධනයන්, පිලිප් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු, 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයාය ලෙස කටයුතු කරමින් සිටී. ලොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකට වැඩි ම කාලයක් නායකත්වය දෙන, ජීවතුන් අතර සිටින නායකයාද ඔහුය.

Read More

තවත් පෙට්‍රල් නෞකාවක් ඊයේ දිනයේදි දිවයිනට ළඟා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටි පිරිස ආරක්ෂක අංශයන්හි මැදිහත්වීම මත ඉවත් කිරීමට විරෝධය දක්වමින් විවිධ පාර්ශ්ව එක්ව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයෙන් අනතුරුව දැන් ඔවුන් ගෝල්ෆෙස් දක්වා පා ගමනින් ගමන් ආරම්භ කර තිබේ.

Read More

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.

Read More

ලොවපුරා සිටින තරුණයින් මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම් වන සාමය, සංවර්ධනය, සමානාත්මතාවය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ෂී පැවසීය.

Read More

පිටත රාජකාරියකට ගොස් එමින් සිටියදි ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත මීගහතැන්න දිසා රෝහලට ඇතුළත් කළ මිගහතැන්න පොලීසිසේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීම සම්බන්ධයෙන් 900කට ආසන්න පිරිසකට චෝදනා එල්ල වී ඇති අතර, ඇතමුන්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගොනුකර ඇත.

Read More

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටි විරෝධතාකරුවන් ඉන් ඉවත් කිරීමට අද අලුයම පැමිණි ආරක්ෂක අංශ බලහත්කාරයෙන් කටයුතු කරනු ලැබීය.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) හා ඇඟිලි සටහන් පරික්ෂණ නිලධාරීන් ඇතුළු අවශ්‍යතාව අනුව වෙනත් විද්‍යාත්මක සාක්ෂි ලබගැනීම වෙනුවෙන් නිලධාරීන් කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ෂිෂුආන්ග්බන්නා ප්‍රාන්තයේ ජිංහොං නගරයටද මෙම භූ කම්පනයේ බලපෑම දැඩි ලෙස දැනී තිබුණි.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිවූ කොටස වෙනුවෙන් නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බව ජනපති ලේකම් සමන් ඒකනායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසුව මේ වනවිට ඇමෙරිකානු නායකයාගේ රෝග ලක්ෂණ මෘදු බව ඔහු සඳහන් කරයි.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ හා ජනපති ලේකම් කාර්යාලය අසළ පවත්වාගෙන අරගල භූමියට ආරක්ෂක අංශ ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට පහරදීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළා දැක තිබේ.

Read More

ගෝඨාගෝගමට ආරක්ෂක අංශ ඇතුළු වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ද තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මේ අතර බි.බී.සී. සේවයේ දමිල විකාශයේ මාධ්‍ය වේදියෙක් මෙන්ම තවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය ඡායාරූප ශිල්පියෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

Read More

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි සිය රජය බිඳවැටීමෙන් පසු නැවතත් ඉල්ලා අස්වීම භාර දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යාබද මුහුදු සීමාවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පැවැසුවාය. සිය ට්විටර් ගිණුමෙන් ඇය ඉල්ලා සිටින්නෙ බලධාරීන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්ය.

Read More

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසුමේ හා එම පරිශ්‍ර යේ රැදී සිටි අරගලකරුවන් අද අලුයම ආරක්ෂක අංශ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රම වේදය මෙන්ම QR ඛේත ක්‍රමය සාර්ථකවූ විට ඉදිරි දින කිහිපයේදී මේ වන විට පවතින ඉන්ධන පෝලිම් අඩුවෙනු වෙනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

හැකි ඉක්මනින්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි මූලික අර්ථය ඇතිවම ගෙන එන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම්දී තිබේ.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති 45.3% සිට 2022 ජුනි මාසයේදී 58.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.