මෙවර අයවැයෙන් වතු කම්කරු ජනතාව ඇතලු මහපොළවේ ජීවත් වන ජනතාවට කිසිදු සහනයක් නොමැති බවත්, මෙම අයවැය ලේකනය සංශෝධනය කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේශ් මහතා පැවසීය.
මෙම අයවැය ලේඛනය තුළ වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබුණේ නම් පක්ෂ පාඨ බේදයකින් තොරව සහයෝගය දෙන බව අද (15දා) පාර්ලිමේන්තුවේ පැවති 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ විවාදයට එක්වෙමින් හෙතම මේ බව සඳහන් කළේය.
කෝ කම්කරුවන්ගේ පඩි, වතු කම්කරුවන්ට රැපියල් 1000න් ජීවත් වෙන්න පුළුවන්ද? මේ පාර්ලිමේන්තුවේ එක්කෙනුකුට රුපියල් 1000න් ජීවත් වෙන්න පුළුවන්ද? දහදුක් විදලා වැඩ කරලා වතුකම්කරවන්ගේ පඩි කෝ මේ අයවැයේ? ඔවුන්ගේ පඩි සම්බන්ධයෙන් කිසිදෙයක් නෑ මේකේ. ඔවුන්ගේ පඩි මේකේ තිබුණා නම් පක්ෂ පාඨ නැතිව අත් දෙකම උත්සලා මේ බජට් එකට සහයෝගය දෙනවා. ඒ වතුකර ජනතාව ගැන කිසිදෙයක් කියලා නෑ. මේක බජට් එකක් නෙවෙයි. මේක සංශෝධනය කරන්න. මහපොළවේ ජීවත් වෙන මිනිස්සු ගැන මේකේ නෑ. ගස්කොළන්, ඉඩම් ගැන තියෙනවා.