සමාජ මාධ්‍ය හරහා ද්වේෂ සහගත හා වෛරී සහගත අදහස් ප්‍රචාරය කිරීම්වලට සහාය පල කර ප්‍රතිචාර දැක්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
2017 වසරේදී උඩුමහළ පාර, මඩකලපුව ප්‍ර දේශයේදී දරු ප්‍රසූතියකින් පසුව පිරිමි බිළිඳෙකු ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළව මහනුවර රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයට තවත් එක් අඳුරු දිනයක් බවට අද (25දා) එක්කරමින් 2012 වසරේ පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියක ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කරයක් කල් පිරුණත් එයට මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකිවූ බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreරෝගියා මේ වන විට ටෝකියෝ නුවර රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය ස්ථාවරව පවතී. උග්‍ර කැසීම, උණ, හිසරදය, වසා ගැටිති ඉදිමීම සහ මාංශ පේශි කැක්කුම වඳුරු රෝගයේ රෝග ලක්ෂණ වේ.
Read Moreජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතා ජනපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කර තිබේ. එසේම ශානුක කරුණාරත්න මහතා ජනපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (25දා) අමාත්‍යාංශයේදී සිදුවිය. පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
Read Moreබේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලෙන් අද (25දා) පස්වරුවේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ පැමිණි වෑන් රථයක ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් තිබී පොලීසිය විසින් එම වෑන්රථය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලය වූයේ අගමැතිවරයාට ගෙදර යාමට සිදුවීම බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේත් ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී හෙට පැවැත්වීමට නියමිත නියමිත ආණ්ඩු පක්ෂ රැස්වීමට තම පාර්ශ්වය එක් නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. හෙට දිනයේදී ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බවට තමන්ට දැනුම් දුන් බවද ඔහු පැවැසීය. කෙසේ වෙතත් තමන් ඇතුළු පාර්ශ්වය දැන් සිටින්නේ ආණ්ඩු පක්ෂයේ නොව විපක්ෂයේ බවද ඔහු අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙම
Read Moreදෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා ජාතික ඉන්ධන බලපත්‍රය (QR) හඳුන්වා දුන් බවත් විදේශ විනිමය ගැටළු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඑළඹෙන අගෝස්තු මස 01 වනදා සිට අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අවසන් වන බවත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වන්නේ ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීම බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවේ ප්‍රධානියා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා වූ ක්‍රියාමාර්ග දෙරටේ ජනතාවගේ මෙන්ම කලාපයේ ස්ථාවරත්වය හා ආරක්ෂාව වෙනුවෙන් හේතුවෙනු ඇතැයි රුසියානු ජනපතිවරයා සිය ලිපියෙන් සඳහන් කරයි.
Read Moreයතුරු පැදියක තිබූ පෙට්‍රල් හොරෙන් ලබා ගන්නා අවස්ථාවේදී යතුරු පැදියේ හිමිකරු හා පෙට්‍රල් සොරකම් කළ පුද්ගලයා අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව පෙට්‍රල් සොරකම් කළ පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදි යතුරු පැදියේ හිමිකරු ඝාතනය කර තිබේ.
Read Moreවත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ යටතේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිවීම හා ආර්ථිකය යථා තත්වයට පත්වීම කඩිනමින් සිදු වනු ඇති බවත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාරගත්තේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙන්ම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ,හිටපු රාජ්‍ය අමාත්‍යවරු වන සිසිර ජයකොඩි, අරුන්දික ප්‍රනාන්දු, ආචාර්ය සුරේන් රාඝවන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන යදාමිණි ගුණවර්ධන, සාගර කාරියවසම්, ජගත් කුමාර, මංජුලා දිසානායක ආදි ජනතා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිට
Read Moreවිශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ ජපානය මෙතෙක් ශ්‍රි ලංකාව වෙත ලබා දුන් සාත්තු සේවා හා ආහාර පාන සේවා ක්ෂේත්‍රයේ රැකියාවලට අමතරව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීමට ජපන් රජය එකඟතාවය පළ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු දින 11කට පසුව අද (25දා) ආරම්භ කළේය. ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් ග්‍රහනයට ගැනීමෙන් අනතුරුව එහි කටයුතු ඇණ හිටීය.
Read More’’අපේ ජාතික අවශ්‍යතාවලට වඩා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන කිසිවෙකු වෙනුවෙන් මා මධ්‍යස්ථ වන්නේ නෑ’’ යනුවෙන් නව ජනාධිපති බජ්රම් බෙගාජ් පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකදී වැඩ භාර ගනිමින් පැවසීය.
Read Moreමේ වසරේ පළමු මාස හය තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකනු ඩොලර් බිලියන 1.6 දක්වා සියයට 51.6% කින් පහත වැටී ඇති අතර ජුනි මාසයේ තියුනු පහත වැටීමක් පිළිබිඹු කරමින් මැයි මාසයේ ඉහළ යාම ආපසු හරවා තිබේ.
Read Moreචීන ගගනගාමීන් හෙවත් ටයිකොනෝට්වරු කක්ෂය තුළ විද්‍යාගාර මොඩියුලයකට ඇතුළු වූ පළමු වැනි අවස්ථාව එසේ සනිටුහන් වී තිබේ.
Read Moreහිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝබර් මස 26 දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25දා) නියෝග කෙළේය.
Read Moreදෞපදි මුර්මු ඉන්දියාවේ නවදිල්ලියේ පාර්ලිමේන්තු මධ්‍යම ශාලාවේදී එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නාය.
Read Moreමීට වසර ගණනාවකට ඉහතදී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙරටට ඩොලර් ඉපයීම සඳහා ගොවීන්ට හඳුන්වා දී තිබූ වැල් දොඩම් වගාවේ සාර්ථක අස්වැන්න නෙලා විදේශ රටවලින් ඩොලර් ලැබෙන අවස්ථාව වනවිට එම අස්වැන්න විනාශ වීමේ බරපතළ තර්ජනයකට ගොවීන් මුහුණ පා ඇතැයි ගලේවෙල බඹරගස්ව වැව ප්‍රදේශයේ ගොවීහු පවසති.
Read Moreවෙඩි තැබීමට තුවක්කුකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවත් එය කල්ලියක් සම්බන්ධ සිදුවීමක් විය හැකි බවත් ඔවුන් විශ්වාස කරන බවයි.
Read Moreශ්‍රී ලංකා අපනයන ඉතිහාසයේ මාසයක් තුළ ඇඟළුම් අපනයනයෙන් උපයා ගත් වැඩිම ආදායම පසුගිය ජුනි මාසයේදී වාර්තා වී තිබේ. එම මාසයේදී ඇඟළුම් අපනයනයෙන් ඩොලර් මිලියන 537 ක ආදායමක් උපයා තිබේ. එසේම මේ වසරේ පළමු මාස හය තුළ ඇඟළුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක ආදායමක් උපයා තිබේ.
Read Moreකුවේට් එමීර්වරයා නියෝගයක් නිකුත් කරමින් අහමඩ් නවාෆ් අල්-අහ්මඩ් අල්-සබා අගමැති ලෙස පත් කරමින්, නව කැබිනට් මණ්ඩලය පිහිටුවීමේ කාර්යය ඔහුට පැවරීය.
Read MoreQR ඛේතය අනුව ඉන්ධන නිකුත් කිරීම දිවයින පුරා අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය තවත් දින කිහිපයකට කල් දැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreදීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ පවසති. විරෝධතා පවත්වමින් පාලකයින් පළවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
Read Moreශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්ට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු නොකරයි නම් ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි. ජනපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු දෙදෙනෙක් හැර අන් සියල්ලන්ම දශක ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කළ බවත් ඔහු සඳහන් කරයි.
Read Moreදකුණු අප්‍රිකාව පදනම් කරගත් ITJP සංයිධානය සඳහන් කරන්නේ විශ්වීය අධිකරණ බලය මත පදනම්ව කරන ලද චෝදනා සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී නඩු පැවරීමට යටත් වන බවයි.
Read More