ළමා මන්ද පෝෂණය සම්බන්ධයෙන් තමා කළ පරීක්ෂණයක් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීමෙන් අනතුරුව නීතීවිරෝධි ආකාරයෙන් තමාගේ වැඩ තහනම් කිරීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වු බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් තමාට රුපියල් කෝටි දහයක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් වෛද්‍ය චමල් සංජීව මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (22දා) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 21 දෙනෙකු වගඋත්තරකරුවන් වශයෙන් නම් කරමින් වෛද්‍ය චමල් සංජීව චමල් මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ නීතීඥ ප්‍රවීන් ප්‍රේමතිලක මහතා මඟිනි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණ පවත්වන උපාධිධාරී වෛද්‍යවරයකු වන පෙත්සම්කරු ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ බවද එම පරීක්ෂණය සම්බන්ධ වැරදි තොරතුරු ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වු බවද සඳහන් කරන පෙත්සම්කරු ඒ පිළිබඳව පාර්ලිමෙන්තුවේද කතා බහට ලක් වු බවද සඳහන් කොට ඇත.
ඉන් අනතුරුව පසුගිය සැප්තැම්බර් මස 25 වැනිදා තමාගේ වැඩ තහනම් කරමින් චෝදනා පත්‍රයක්ද ඉදිරිපත් කොට ඇතිි බව සඳහන් කරන පෙත්සම්කරු එමඟින් තමාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයිද සඳහන් කොට ඇත.
එහෙයින් සිය වැඩ තහනම බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු සිය මුලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන්තමාට රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලීීමක්ද කොට ඇත.