එළඹෙන 2023 වසර සදහා ශ්‍රී ලාංකික හෙදියන් 4,000 ක් බදවා ගෙන රැගෙන යාමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා 11/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
වසර 20 කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙම අවස්ථාව උදා වී ඇති බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කම්කරු සහ සුභසාධන ප්‍රධානී නිපුන තිබ්බුටුමුණුව මහතා කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය.
මෙම සිංගප්පූරු සෞඛ්‍ය නිලධාරීන් පිරිස සමග පැමිණි ඒ මහතා 11/22 දින රාත්‍රී 11.30 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක කරන මෙම අධ්‍යයන චාරිකාව තුළ දී , මෙම සිංගප්පූරු සෞඛ්‍ය නිලධාරීන් පිරිස ශ්‍රී ලංකා හෙද විදුහල , ශ්‍රී ජයවර්ධන මහ රෝහල , කොළඹ පෞද්ගලික රෝහලක් , ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ විෂයයන් පිළිබඳව 11/23 සිට 11/25 දින දක්වා පර්යේෂණයක නිරත වීමට නියමිතය .
සිංගප්පූරුව තුළ සෞඛ්‍ය ක්ෂේත්රය එරට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය සමාගම් මගින් ක්‍රියාත්මක වන අතර මෙසේ රැගෙන යාමට නියමිත ශ්‍රී ලාංකික හෙදියන් ද දැනට රාජ්‍ය රෝහල් තුළ සේවය කරන හෙදියන්ගෙන් තෝරා ගැනීමට නියමිතය .
ඒ සදහා තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ මගින් අදාළ හෙදියන් තෝරා ගැනීමට එම සිංගප්පූරු නිලධාරීන් බලාපොරොත්තු වන අතර , මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලාංකික හෙදියන් 150 දෙනෙකු තෝරා ගෙන පළමු කණ්ඩායම ලෙස එරටට රැගෙන යාමට නියමිතය .
මෙම වැඩසටහන සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මියගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ කම්කරු සහ සුභසාධන අංශය මගින් සංවිධානය කර තිබේ .
