තමන් රාජ්‍ය අමාත්‍යවරයෙක් බව දැන්නේ නැතිදැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළේය. අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙම ප්‍රශ්න කිරීම සිදුවූ අතර එහිදී කථානායකවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා අතර ඇතිවූ සංවාදය පහත පරිදි වෙයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා - ඔව් චාමර සම්පත් මන්ත්‍රීතුමා කියන්න.
රාජ්‍ය ඇමති චාමර සම්පත් මහතා - ගරු කථානායකතුමා මම මන්ත්‍රී නෙමෙයි. මට රනිල් වික්‍රමසිංහ මහතා ඇමතිකමක් දුන්නා. ඔබතුමා ඒ්ක දන්නේ නැත්ද? මට රාජ්‍ය ඇමතිකමක් දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒතුමට පිංසෙද්ධ වෙන්න.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා - සමාවෙන්න ඇමතිතුමා.
රාජ්‍ය ඇමති චාමර සම්පත් මහතා - මන්ත්‍රීතුමා කියන්න එපා. ඔබතුමා මේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න. න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ නැති ප්‍රශ්නෙන් තියෙන්නේ.