සංචාර විසා මත සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යන්ට ගොස් මේ වන විට සුරක්ෂා නිවාස වල සිටින කාන්තාවන් 154දෙනා පරීක්ෂණ සිදු කර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගත් බව කම්කරැ සහ විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
එමෙන්ම ඕමානයේ ඇතිවු සිද්ධියට සම්බන්ධ තානාපති කාර්යාල නිලධාරියාගේ වැඩ තහනම් කර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්, ඔහු මෙරටට රුගෙන ආ පසු අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් අද (22දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.
"මේ වන විට ඕමානයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය 12දෙනෙකුත්, සංචාරක වීසා භාවිතා කරමින් වෙනත් කර්තව්යන්ත සඳහා යන බව ලංකාවේ ගුවන්තොටුපලට සගවා ලංකාවෙන් එළියට ගිය 65දෙනෙකු ඇතුලු 77දෙනෙකු ඕමාන් රාජ්‍යයේ සුරක්ෂා නිවාසයේ ඉන්නවා. ඒ වගේම ඩුබායි රාජ්‍යයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය 70දෙනෙකුත්, සංචාරක වීසා මගින් ගිය 07 දෙනෙකුත් ලෙස 77දෙනෙකු ඉන්නවා.
වර්ථමානයේ මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අපේ අමාත්‍යාංශය ඊයේ දිනයේදී කැබිනට් අනුමැතියක් ලබා ගත්තා. අපේ අමාත්‍යාංශයට බැහැ රුකියා සඳහා විදේශගත නොවුණු පුද්ගලයෙක් සඳහා වියදම් කරන්න. ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් අපි ඊයේ ලබා ගත්තා.
මේ සුරක්ෂා නිවාස වලට පැමිණිලා ඉන්න කාන්තාවන් ආපසු ගෙන්වා ගැනීමට පළමුවෙන් අපේ විමර්ශන කණ්ඩායමක් සී.අයි.ඩී එක සමග යවලා මේ අයගේ කට උත්තර අරගෙන කවුද යැව්වේ, කවුද සහයෝගය දුන්නේ, කවුද ගුවන් තොටුපලේදී උදව් කළේ, කවුද මේ අයව තැරුව්කාරයන් කළේ ඇතුලු මේ සියල්ල සොයාගෙන ඔවුන්ට විරැද්ධව නඩු කටයුතු පටන් ගන්න අපි කැබිනට් අනුමැති ලබා ගත්තා."