එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ, සිරිමාවේ මැතිණිය පෝෂණය කළ, චන්ද්රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ ඉදිරියට ගෙන ගිය ශ්රී ලංකා නිදහස් පක්ෂය වත්මන් පක්ෂ සභාපති මෙන්ම හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් විනාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් පක්ෂයෙන් තාවකාලිකව ඉවත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එසේම මෙවැනි ආකාරයට කටයුතු පක්ෂය තුළ කිසිවෙකුත් ඉතුරු නොවෙනු ඇතැයිද ඔහු කීය. පක්ෂයෙන් ඉවත් කළ චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය මෙන්ම මහින්ද අමරවීර යන මහත්වරුන් භාර ගැනීමට ඕනෑම පක්ෂයක් සූදානම් බවත් ඔහු පෙන්වා දුන්නේය.