එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලොසි තායිවානයේ සංචාරයක නිරත වන බවට වූ කතාබහ සමග චීනය ඊට දැඩි විරෝධතාවක් සමග මෙම අභ්‍යාස අරඹා තිබේ.
පොදු ප්‍රවාශනය යථා තත්ත්වයට පත්විමත් මෙන්ම QR ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමත් සමග ප්‍රවාහනය යථා තත්ත්වයට පත්ව ඇති හෙයින් රජයේ නිලධාරීන්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreමින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවීමට ගං ඉවුර ආශ්‍රිත ඉඩම්වල වෙසෙන ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී ඇත.
Read Moreපවතින තත්ත්වය අනුව දිනකට ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 700ක් වැය වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreජර්මනියේ Mars-II බහු දියත් රොකට් පද්ධති (MLRS) කාණ්ඩයේ තෙවැන්න යුක්රේනයට පැමිණ ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නිකොව් නිවේදනය කරයි.
Read Moreවිධායක ජනපතිධුරය මුලුමනින්ම අහෝසි කරන්නේ නම් පවතින ව්‍යවස්ථාව වෙනුවනට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. වත්මන් ව්‍යවස්ථාවේ පදනම විධායක ජනපති ක්‍රමය බවද ඔහු සඳහන් කළේය.
Read Moreඋඩරට නීතිය අනුව කාන්තාවක් විවාහ වීමේදි දෙමාපියන්ගේ අවසර ලබාගත යුතුය යන කරුණ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. මෙම කරුණ ලංකාවේ මූලික නීතියට පටහැනි බවත් මිට අමතරව විවාහ ලියාපදිංචි කිරීමේ කරුණුද සංශෝධනය කිරිමට නියමිත බව අමාත්‍යවරයා පැවැසීය.
Read More’’මගේම මතය නම් යුක්රේනයේ මෙම යුද්ධය අවසන් වන්නේ පිපිරුමකින් නොව කෙඳිරිල්ලකින්. අවසානයේදී අපට නිශ්ශබ්දව සම්පත් නැති වී යන ආකාරය බලාගෙන ඉන්න පුළුවන්’’
Read Moreඅමාත්‍යධුරයක් අහෝසි වූ විට ඒම අමාත්‍යාංශයේ ලේකම් ධුරයද අහෝසි වන බවට සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සංශෝධනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. මේ අනුව අමාත්‍යධුරයක් අහෝසි වූ පමණින් ලේකම්ධුරය අහෝසි නොවි නව ලේකම්වරයෙක් පත්වන තෙක් සිටින ලේකම්ට කටයුතු කරගෙන යාමට නව ව්‍යවස්ථා සංශෝධනය හරහා අවස්ථාව ලැබී තිබේ.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී ගැසට් පත්‍ර යේ පළි කිරීමටත්, දින 7ක් ගතවීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ට දැරිය නොහැකි ගාස්තු සංශෝධනයක් සිදු කර ඇති බවත් දුර පළාත්වල සිට කොළඹට රැකියාවන් සඳහා පැමිණෙන මගීන්ට එම දුම්රිය ප්‍රවාහන ගාස්තු වැඩි වීම දරාගත නොහැකි බවත් මගින් පවසයි.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය ප්‍ර දේශයේ පිහිටි නිවසර අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා විනාශ කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.ා
Read Moreදිවයිනේ ස්ථාන තුනකදි දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ අනතුරු හේතවෙන් පුද්ගල මරණ හා අතුරුදන්විම් 03ක් වාර්තා වී තිබේ.
Read Moreඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කළ බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කළේය.
Read Moreමැයි මාසයේදී අගමැති ධූරයට සහ ජුලි මාසයේදී ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ බොහෝ ක්‍රියාමාර්ග සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් සඳහා අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියක් ලෙස තිබිය යුතු ’’මහජන විශ්වාසය’’ බරපතල ලෙස උල්ලංඝනය වන අකාරයට බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනපති රනිල් වික්‍රමසිං මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
Read Moreලංවිම ප්‍රතිව්‍යුහ ගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ ලබාදීම වෙනුවෙන් කමිටුවක් පත්කරන බවත් එම පත්කරන දින සිට මසක් ඇතුළත ඔවුන් සිය නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා පවසයි.
Read Moreගුවන් තොටුපොලේදී ඇමෙරිකානු ඩොලර් ගෙවීමට කැමති විදෙස් ගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන් හා ද්විත්ව පුරවැසියන් සඳහාද ඉන්ධන බලපත්‍රය නිකුත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට තමන් කළ යෝජනාවට අමාත්‍යවරයා එකඟ වූ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඔවුන්ට ඉන්ධන පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreවිදෙස්ගත ශ්‍රමිකයන් නීතිමය මාර්ග හරහා රටට ගෙන එන ඩොලර් ප්‍රමාණය අනුව එම වටිනාකමෙන් සියයට 50ක අගයක් යටතේ විද්‍යුත් වාහනයක් ගෙන්වීම සඳහා අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය. අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. එසේම ඔවුන් නීත්‍යානුකූල මාර්ගවලින් ශ්‍රී ලංකාවට එවන මුදල්වල වටිනාකම අනුව නව බදු රහිත දීමනා ලබාදීමටද මෙහිදී කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකරන ලද ලිපිය අනුව ආර්ථික අර්බුදය විසඳීම සඳහා තම පක්ෂය ඉදිරිපත් කළ කළ මූලික උපායමාර්ගික ප්‍රවේශය ජනපතිවරයා විසින් නිවැරදිව තේරුම් ගෙන නොමැති බව පෙනී යන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
Read Moreපානදුර , පින්වත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක් හිමිනමක විසින් අයිස්ක්‍රීම් බාස්කට් එකක බහා තිබූ රුපියල් හාරලක්ෂ පනස්දහසකට අධික මුදලක් සොරකම් කර ඇති බවට ඊයේ (01) ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි.
Read Moreයූටියුබ් වීඩියෝ සකසන්නෙක් වන රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා යළිත් වරක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි 21 දා කොළඹදී පැවැති විරෝධතාවකදී අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවක් යටතේ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 කි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ වටවල සහ ඉහළ වටවල දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට විශාල ගලක් පෙරලිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read Moreශ්‍රී ලංකාවේ වාර්තමන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇති හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහත්වරුන්ට විදේශ ගතවීම වළකාලමින් නිකුත් කොට තිබු නියෝගය ලබන 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියම කළේය.
Read Moreශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට උපතේදී රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකයට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර උප්පැන්න සහතිකය නිකුත් කිරීම අද සිට ආරම්භ කරන බව රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (01) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔය පිටාර ගැලිමෙන් වටවල නගරයේ පහත්බිම් රැසක පිහිටි නිවාස 30 ක් පමණ ජලයෙන් යට වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
Read Moreපවත්නා අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු සහ නිල්වලා ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසහල් ආනයනය දෙසැම්බර් මස දක්වා අත්හිටුවන ලෙසට අමාත්‍ය මණ්ඩලයෙන් අද (01දා) ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreපොල්පිටිය පොලිස් වසමට අයත් හිටිගේගම බොකරවැවිල ප්‍රදේශය හරහා කැළණි ගගට ජලය ගලා බසින ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය මිත්තණිය (60) සහ මිණිබිරිය (05) සැඩ පහරට අද (01දා) ගසාගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය පැවසිය.
Read Moreසම්මුතිවාදි රජයක් පිහිටුවිම වෙනුවට ප්‍රතික්ෂේප වූ දේශපාලඥයින් ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරුවලට පත්කිරීමත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිසංස්කරණ බවට මෙතෙක් පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. තමාට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සනසාලීම සහ ප්‍රතික්ෂේප වූ පක්ෂ හිතවතුන්ට ත්‍යාග පිරිනැමීම පැරණි ජඩ ක්‍රමයේම අඛණ්ඩ පැවැත්මක් බවද ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read More