saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4997 hours ago

LATEST

ලුණුගම්වෙහෙර හා අහංගම වෙඩි තැබිම්

calendar_today 2022 අගෝ 05 - 06:31 remove_red_eye - 413  

ලුණුගම්වෙහෙර, පඩව්ගම ප්‍ර දේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ. පඩව්ගම පදිංචි අවුරුසු 34ක් වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

බ්‍රහස්පතින්දා වනවිට, එක්සත් ජනපදය මන්කිපොක්ස් රෝගීන් 6,600කට වැඩි ප්‍රමාණයක් තහවුරු කර ඇති අතර, මේ වනවිට ගෝලීය මුළු සංඛ්‍යාව 25,800න් 25%කට ආසන්න ප්‍රමාණයකි.

Read More

කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (04)නියෝග කළේය.

Read More

යුරෝ බිලියන 8ක මූල්‍ය ආධාර අත්හිටුවීම බ්‍රසල්ස් විසින් සිදුකළ ’’අපරාධයක් හෝ වැරදීමක්’’ බව යුක්රේන නායකයා පවසයි.

Read More

අරගලකරුවන්ගේ ආරම්භයට, ආර්ථිකයේ කඩා වැටීම සහ බඩගින්න හේතු වූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, අරගලකරුවන් අවසන් මොහොතේ ප්‍රචණ්ඩත්වයෙන් අරගලය අවසන් කළේ යැයි කියා සිටියේය. එදා පාර්ලිමේන්තුව කලහකාරීන්ගෙන් ආරක්ෂා නොකළේ නම් අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ ආකාරයෙන් එක්ව සාකච්ඡා කිරීමට ඉඩක් නොලැබෙන බව ද පැවසීය.

Read More

තලේබාන් සංවිධානයට ත්‍රස්තවාදී නායකයාගේ මරණය තහවුරු කිරීමට නොහැකි වී ඇති අතර, දෙවැනි නියෝජ්‍ය තලේබාන් අගමැති අබ්දුල් සලාම් හනාෆි විසින් වොෂිංටනයේ මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ.

Read More

නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කර තිබේ.

Read More

අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය හා හැටින් අතුර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේ වන විට නවතා ඇති කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සංචාරක වීසා බලපත්‍ර, රැකියා වීසා බලපත්‍ර බවට පත්කළ හැකි බවට විශ්වාස කරමින් මැලේසියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ අවධානයට ලක්ව තිබේ.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයේ QR කේතය අන් අයට පෙනෙන ලෙස ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ජාතික ඉන්ධන අවසරපත් කිව් ආර් ක්‍රමවේදය පමණක් භාවිතා කරන ඉන්ධන පිරවුම්හල් වෙනුවෙන් ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යවරයා විසින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් නියෝජිතයන්ගේ සංගමයට දැනුම් දී තිබේ.

Read More

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ගුවන් තොටුපොලේදී මිල දී ගැනීමට හැකි වන අයුරින් ඉන්ධන අවසර පත්‍රයක් සඳහා පහසුකම් සැලසීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

Read More

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය- හැටන් මාර්ගයට රදැල්ල හා පතන යන ප්‍රදේශවලදී පස් කඳු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට අද (04දා) බාධා එල්ලව පැවැතිණි.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පැතුම් කර්නර් රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4දා) නියෝග කලේය.

Read More

පසුගිය දින කිහිපය තුල පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හමුවේ ගිං ග‍‍ඟෙහි ජල මට්ටම ඉහල යෑමෙන් ගාල්ල ප්‍රදේශයේ අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව ජලය බැස යාම අවහිර වන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් ඊයේ (03දා) නාවික හමුදාව විසින් සිදුකර ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම අවම කිරීමට කටයුතු කෙරිණි.

Read More

අද (04දා) දිනය අවසානයේදී කොටස් වෙළඳපොළ තුළ වර්ධනයක් පෙන්නුම් කළේය. මේ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 149කින් එනම් සියයට 1.84කින් වර්ධනය විය.

Read More

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදු විය.

Read More

සාමාන්‍ය සේවා බස් ගාස්තුව සියයට 11.14 කින් අද (4දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා අඩු වේ.

Read More

පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ කිව්. ආර් ක්‍රමය මගින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමිනි.

Read More

යාපනය කයිට්ස් සහ පුංකුඩතිව් මුහුදු ප්‍රදේශයේදී රුපියල් මිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 34ක් ග්‍රෑම් 38 ක්පාවෙමින් තිබියදී අද (04දා) අලුයමසොයාගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

පිටිගල අතුකෝරළ තේ සමූහ වයාපාරයේ නිර්මාතෘ දිවංගත ඩී.ඩබ්ලිව්.අතුකෝරළ මහතාගේ 11වැනි ගුණ සමරුව නිමිත්තෙන් අද (4දා) පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ පැවති මහා සාංගික දානමය පිංකමේදි එයට වැඩි මහා සංඝරත්නයට දානයෙන් පසු අමුතුම පූජාවක් සිදු කෙරිණි.

Read More

යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවත්වෙන වාර්ෂික දේව මංගල්ලය මෙවර බැතිමතුන්ගේද සහභාගීත්වයෙන් යුතුව දින 25 ක් පුරා පැවත්වෙන බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.

Read More

එක් චීනයක් ප්‍රතිපත්තියට මෙන්ම රටවල්වල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම තමන් නැවත අවධාරණය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් ගත කර තිබියදී දියවන්නා ඔයට කඩාවැටුණු ඩ්‍රෝන කැමරාව නාවික හමුදා කිමිදුම්කරුවන් හා ගුවන් හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී අද (4දා) සොයාගත් බව ගුවන් හමුදාව පවසයි.

Read More

පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනය අද (04දා) සිදුකිරීමට නියමිතව තිබේ. මේ අනුව අද මධ්‍යම රාත්‍රි යේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දැමීමට නියමිතය.

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ උස්මුදුලාව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද (4දා) උදේ දුම්රියක මෝටර් රථයක් ගැටී එහි ගමන්ගත් අයගේ දිවි අනූනවයෙන් බේරී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි

Read More

නිරිත දිග මෝසම ක්‍රියාත්මක වීමත්, ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමගින් ශ්‍රී ලංකාවේ ජල විදුලි නිශ්පාදනය ඉහළ ගොස් තිබේ. අගෝස්තු 02 දා දිනයේදී ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි ජනනයෙන් සියයට 57.17ක් ජල විදුලිය හරහා උත්පාසනය කර තිබේ

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දේවාලයේ අතුපන්දලම සකස්කිරීම ඊයේ (03) චාරිත්‍රානුකූලව සිදුකෙරිණි.

Read More

“ඔව් මම එය කළා! මම මා ගැන ආඩම්බර වෙන අතරම මා වෙනුවෙන් සිටි සියල්ලන්ම ආඩම්බරයට පත් කළෙමි! මෙම තරඟයේ සෑම මොහොතකම මාත් සමග සිටි ඔබ සැමට බොහොම ස්තුතියි. මෙය අනාගතයේ සිදු වීමට නියමිත තවත් විශාල දේවල ආරම්භය පමණි. මම දිගටම වෙහෙස මහන්සි වී වැඩ කරමි.”

Read More

විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.