2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද (2දා) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව 2021 උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා එම කඩඉම් ලකුණු බලා ගැනීමට හැක.