අපේ නැව් සංස්ථාවට තියෙන්නේ නැව් දෙකයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයිතිය තියෙන ගුවන් යානා එකක්වත් නෑ. වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඇමතිවරයා මෙසේ පැවසුවේ රජය විසින් ඉදිරිපත් කළ 2023 වසර සඳහා වූ අයවැය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයට අදාළව කරුණු දැක්වීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.
අපේ නැව් සංස්ථාවට තියෙන්නේ නැව් දෙකයි. ඒක යොදා ගන්නේ ගල් අඟුරු මෙරටට ගෙන ඒම සඳහායි. අලුත් ව්‍යාපෘති පටන් ගන්න ඇ.ඩො.මි. 12 අපට ලැබිලා තියෙනවා. අපේ නැව් සංඛ්‍යාව හතරක් හෝ පහක් දක්වා වැඩිකර ගත යුතුයි.
තවද කටුනායක ගුවන් තොටුපොළින් ලැබෙන ලාභය රත්මලානට හා මත්තල ගුවන් තොටුපොළවල් වලට වියදම් වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයිතිය තියෙන ගුවන් යානා එකක්වත් නෑ. ගුවන් යානා විසි හතරම ලීස් කරලා අරගෙන තියෙන්නෙ. ඩොලර් බිලියනයක් අපට ණය ගෙවන්න වෙලා තියෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.