2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන 2022.12.05 දින සිට සිදු කරනු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බැලීමෙනි. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම සිදු කළ යුතු අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.