මෝටර් රථයක් තුල පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිලියන්දල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත පදිංචිව සිටි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සඳුන් නින්සර නැමැති සිසුවෙකි.
මියගිය සිසුවාගේ මව අනෙක් නිවුන් දරුවා සමග ජයවර්ධනපුර රෝහලට ගොස් ඇති අතර වැඩිමල් සහෝදරිය හා පියාද රැකියාවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය වූ දින නිවසේ සිට ඇත්තේ මියගිය දරුවා පමණක් බවත් පොලිසිය පැවසීය.