saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 492 hours ago

LATEST

සබරගමුව සරසවියේ දුෂණ සහ අක්‍රමිකතා සෙවීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක්

calendar_today 2025 ජුනි 06 - 19:24 remove_red_eye - 224  

වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගන්න එපා - කෝප් කමිටුව. විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේ අවධානය. 2022 වසරේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රම

මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළදී පමණක් NIRDC වෙත රුපියල් බිලියන 02කට අධික වටිනාකමින් යුත් ව්‍යාපෘති ලැබී තිබේ. මෙම ව්‍යාපෘතිවල තාක්ෂණික ශක්‍යතාවය, විනිවිදභාවයකින් යුතුව ඇගයීමකට ලක් කිරීම මේ වන විට ආරඹා ඇත.

Read More

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පිලිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරතන, ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ජුනි 13වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (6) නියෝග කළේය.

Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද (6) අධි චෝදනා භාර දුන්නේය.

Read More

විදුලි වාහන 800කට අධික ප්‍රමාණයක්ද ඇතුළුව මෝටර් වාහන 3,000 කට අධික ප්‍රමාණයක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමත් සමගින් එහි කාර්ය මණ්ඩලය ජ‍ීවිත තර්ජනයකින් තොරව බේරා ගැනීමෙන් අතුරුව නෞකාව සාගරයේ අත්හැර දමා තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් හෙට දිනයේදි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපොළෙන් 06/05 දින අලුයම 01.45 ට පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළදී හදිසි කාර්මික දෝශයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා තේරී පත්විය. ඒ එම කාරක සභාව ඊයේ (05) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

මහියංගන පොලිසියට අනියුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයකු අද (6) උදෑසන පොලිස් විවේකාගාරය තුලදී ටී.56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ගෙන සිය දිවිනසාගෙන ඇතයි මහියංගන පොලිසිය පවසයි .

Read More

රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.

Read More

පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේ කළමනාකරුවෙක් සහ කළමනාකාරිනියක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයටක අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා සිටියි.

Read More

පරිසර විනාශය පිටුපස පසුගිය දේශපාලන අධිකාරියත් සිටියා, අප ඒ දේශපාලන සංස්කෘතිය නවතා තිබෙනවා,

Read More

බිළිදෙකු උපන් විගස මවගෙන් වෙන්කර රුපියල් 75,000/-ක මුදලකට විකිණීමට තැත් කළ තිදරු මවකට බරපතල වැඩ සහිත වසර 07ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකාරිය තිදරු මවක ලෙස කර ඇත්තේ මානූෂ්‍ය සංහතිය කම්පාවට පත් කරන ක්‍රියාවක් බව අද (05) අවධාරණය කළේය.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගය හා කඩවත සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

ප්‍රමිතියෙන් තොර චීන පොහොර නෞකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැය හතක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව අද පස්වරුවේ එයින්ට පිටත්ව ගියේය.

Read More

බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නිමාවට පත් වූ නඩුවක නඩුවාර්තා පිටපතක් ලබා ගැනීමට පැමිණිලිකරුගෙන් රුපියල් 5000ක අල්ලසක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල්වරයෙකු අද (5) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් බළපිටිය අධිකරණ පරිශ්‍රය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෝසම් වැසි සමය එළඹීමත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකන්ගුන්යා රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවත්, 2025 මැයි 31 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5 ත් 19 ත් අතර පාසල් වයසේ පසු වන දරුවන් බවත් සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ රන් ආලේපිත ටී. 56 ගිනි අවිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවය

Read More

කැලණි ගඟ ආශ්‍රිතව ඇති බස්නාහිර පළාතේ කර්මාන්ත ශාලා 294 ක් අතරින් කර්මාන්ත ශාලා 41 ක් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ගෙන නොමැති බවත් ඉන් ජල දූෂණය ඇතුළු පරිසර හානි සමිිබන්ධ කර්මාන්ත ශාලා 17 ක බලපත්‍ර අත්හිටවා ඇතැයිද කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්ය රොසෙල් පෙරේරා මහතා පැවසීය .

Read More

ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයය විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙරට එකම ලෝක උරුම නගරය වන මහනුවර නගරය තුළ සිදු කරනු ලබන ගොඩනැගිලි නවීකරණය හේතුවෙන් ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර නගරය ඉවත් වීමේ අවධානමක් මතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය විය.

Read More

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළහ.

Read More

දොඹගහවෙල අලුත්ගෙදර මිරිස්යාය පාර නුගගහකිවුල පදිංචි 52 හැවිරිදි කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් (04) වෙනිදා ගල්ගුහාවක තිබී දොඹගහවෙල පොලීසියට හමුවී ඇත.

Read More

වසර 18කට පසුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිරුළ හිමිකරගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජය සැමරුමක් අතර සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

මරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වූ අංක 758 දරණ දුම්රියේ ගැටී අඹුසැමි යුවලක් අවසනාවන්ත ලෙස එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 2020 වසරේ පැවති තරගාවලියේදී මෙම සිදුවීම සිදුව තිබේ.

Read More

ඒම තහනම ලබන 9 දා සිට ක්‍රියාත්මක වෙයි. තහනමට යටත් වන රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි. මේ අතර තවත් රටවල් හතක ජාතිකයන් වෙනුවෙන් අර්ධ තහනමක්ද පැනවීමට ට්‍රම්ප් නියෝග කර තිබේ. එම රටවල් වන්නේ බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාවයි.

Read More

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාල Renovation, General work, Ceramic Tiling, Plastering work යන රැකියා සඳහා ඊයේ පමණක් ශ්‍රි ලාංකිකයින් 148 දෙනෙකු පිටත්ව ගියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.