උපෙළ විභාගයට ජීව විද්‍යාවෙන් පෙනී සිටීමට සිටි සිසුවිය නිදි යහනේ දී මරුට
- 10 11 2025
- 13:29
- {{hitsCtrl.values.hits}} views
- එස්. කරුණාරත්න
දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි අද ආරම්භ වන උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක හදිසියේ අද පෙරවරුවේ මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තරුෂි චමෝදි නැමති 19 හැවැරිදි වියේ පසුවූ දඹුල්ල ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක බව පොලිසිය පවසයි.
දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙම දියණිය 09 දින පස්වරුවේ අධ්‍යාපන කටයුතු තම කාමරයේ සිදුකරමින් සිටියදී රාත්‍රී නිදා ගෙන උදෑසන අවදි නොවීම නිසා දෙමව්පියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිටි නිසා වහාම ඇයව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට රැගෙන විත් තිබේත
එහිදි බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බැලීමේදී ඇය ඒ වන විටත් මියගොස් ඇති බව සනාථ කරගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
සිද්ධිය වාර්තා වීමත් සමඟ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිසුවියගේ නිවසට ගොස් ඇය පාඩම් කටයුතු කළ කාමරය පරීක්ෂාවට ලක් කරන්නට විය.
එහිදී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත් සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
සිසුවියගේ පියා විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු බවත් ඇයට බාල නැගණියක්ද සිටී. ඇය අධ්‍යාපනය සඳහා විශාල උනන්දුවක් දැක්වූ සිසුවියකි. ඇයගේ මුළු කාමරය පුරාම අධ්‍යාපනික අවශ්‍යතාවයන් පිළිබඳව සටහන් රැසක් අලවා තිබිණ.
එමෙන්ම ඇයගේ බලාපොරොත්තුව දිස්ත්‍රික් පළමු ස්ථානය ගැනීම බවද ඇය බිත්තියේ සඳහන් කර තිබේ. මියගිය පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේ දී දහය දින පැවැත්වීමට නියමිතව තිබුණි. දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

