වර්ධන ඉලක්ක සපුරා ගැනීමට ප්‍රතිසංස්කරණ වේගවත් කරන්න
මෙවර ජාතික අයවැය මඟින්, ප්‍රතිපත්ති පුරෝකථනය කිරීමේ හැකියාව, මූල්‍ය ඒකාබද්ධතාවය සහ විනයගරුක ණය කළමනාකරණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් පවත්වා ගෙන යන අතර, රටෙහි මධ්‍ය කාලීන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අවශ්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි. අඩු උද්ධමනය, ස්ථාවර පොලී අනුපාත සහ අලුත් වූ ආයෝජක විශ්වාසය මගින් පදනම් වූ පරිවර්තනීය වර්ධන ගමන් පථයක් පවත්වා ගැනීම සඳහා මෙම අනුකූලතාව ඉතා වැදගත් වන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.
රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අනතුරුව පරිභෝජන වර්ධනය මත මුලිකව පදනම් වූ ආර්ථික ප්‍රකෘතිමත් වීම මධ්‍යස්ථ වෙමින් පවතින බැවින්, මෑත කාලීන රාජ්‍ය මූල්‍ය අධි ක්‍රියාකාරිත්වය ඵලදායී රාජ්‍ය ආයෝජන බවට පරිවර්තනය කිරීමේ වැදගත්කම ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. විශේෂයෙන් යටිතල පහසුකම්, ඩිජිටල් සේවා, ප්‍රවාහනය, සංචාරක, බලශක්ති, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්රවල කරනු ලබන ප්‍රාග්ධන වියදම්, මනාව මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම තුලින් ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගත හැකිවනු ඇත. එමෙන්ම, ආර්ථික වර්ධනයෙහි සමස්ත ප්‍රතිඵල සියල්ලන් වෙත බෙදීයාම තහවුරු කරමින් ඉලක්කගත සමාජීය සහ දරිද්‍රතාවය පිටුදැකීමේ පියවරයන් ද අනුගමනය කල යුතුය.
මෙවර ජාතික අයවැයෙහි තම යෝජනා 18ක් ඇතුලත්ව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කරනු ලබන්නේ ඉතාමත් සතුටිනි. ඒවා පහත පරිදිවේ.
• වෙළඳ පහසුකම් සැපයීම: වෙළඳ ජාතික තනි කවුළුව සංවර්ධනය කිරීම සහ පැරා-තීරුබදු ක්‍රමයෙන් ඉවත් කරන නව තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම
• ආයෝජන ප්‍රවර්ධනය: රාජ්‍ය- පෞද්ගලික හවුල්කාරිත්ව රාමුව ක්‍රියාත්මක කිරීම, ආයෝජන අනුමැතීන් සඳහා ඩිජිටල් තනි කවුළුවක් ක්‍රියාත්මක කිරීම, ප්‍රාග්ධන දීමනා සඳහා අඩු කළ සීමාවන් සහ ආයෝජකයින් සඳහා නව පදිංචි වීසා ක්‍රමයක් හදුන්වා දීම.
• ඩිජිටල් පරිවර්තනය: 2026 දී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම, ජාතික දත්ත හුවමාරු යටිතල පහසුකම්, 5G බලපත්‍ර ලබා දීම සහ රජය වෙත මාර්ගගත ක්‍රමය ඔස්සේ කරනු ලබන ගෙවීම් සදහා සේවා ගාස්තු අයනොකිරීම.
• ඉඩම් කළමනාකරණය: ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක්, ඉඩම් පිලිබඳ ඩිජිටල් තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම සහ ආයෝජන සඳහා ඉඩම් නිදහස් කිරීමේ කාර්යක්ෂමතාව ඉහල නැන්වීම.
• සංචාරක සංවර්ධනය: කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය තුලින් සම්බන්ධතාවය පුළුල් කිරීම සහ සංස්කෘතික හා උරුම ප්‍රවර්ධනය.
• රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ: රාජ්‍ය ව්‍යවසාය පාලනය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත හඳුන්වාදීම.
අයවැය මඟින් වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක් දක්වා ඇති අතර, තිරසාර ආදායම් බලමුලු ගැන්වීම, කාර්යක්ෂමතා ලාභ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්‍ර තුනක් මණ්ඩලය ඉස්මතු කරයි.
1. කාල නියමයන් සමඟ ප්‍රධාන අයවැය යෝජනා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම:
යෝජනා ක්‍රියාත්මක කිරීම අයවැයේ සාර්ථකත්වය තීරණය කරනු ඇත. ප්‍රතිපත්ති අභිප්‍රාය මැනිය හැකි ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීම සඳහා වෙළඳ ජාතික තනි කවුළුව, රාජ්‍ය- පෞද්ගලික හවුල්කාරිත්ව නීති සම්පාදනය, සංචාරක ව්‍යාපාරය සඳහා ගමනාන්ත අලෙවිකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් වැනි කැපවීම් ඉටු කිරීම අත්‍යවශ්‍ය වේ.
2. බදු පරිපාලනය ශක්තිමත් කිරීම:
බදු ජාලය පුළුල් කිරීම, අනුකූලතාව වැඩිදියුණු කිරීම සහ කාන්දුවීම් අවම කිරීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ආදායම් ලාභ වැඩි වැඩියෙන් ලැබිය යුත්තේ අනුපාත වැඩි කිරීමෙන් පමණක් නොව, වඩා හොඳ ක්‍රියාත්මක කිරීමකින් සහ පද්ධති වැඩිදියුණු කිරීම් මගිනි.
3. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම:
විශේෂයෙන් ඩිජිටල් රජය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, ඉඩම් කළමනාකරණය සහ වෙළඳ පහසුකම් සැපයීමේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට - ආයතනික ධාරිතාවයේ සැලකිය යුතු වැඩිදියුණු කිරීම්, ආයතන අතර සම්බන්ධීකරණය සහ කාලෝචිත තීරණ ගැනීම අවශ්‍ය වේ.
ගෝලීය වෙළඳ ප්රතිසංවිධාන මධ්‍යයේ උපායමාර්ගික සැපයුම් දාම හවුල්කරුවෙකු ලෙස ස්ථානගත වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින්, ඉලක්කගත ආයෝජන දිරිගැන්වීමේ පැකේජයක් හරහා අයවැය මඟින් ආයෝජක විශ්වාසය තවදුරටත් ශක්තිමත් කළ හැකි බව මණ්ඩලය සඳහන් කරයි. අයවැයේ දක්වා ඇති 7% වර්ධන ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය මහා පරිමාණ, අපනයන-නැඹුරු සහ තාක්ෂණය මත පදනම් වූ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පැහැදිලි සහ තරඟකාරී දිරිගැන්වීම් අත්‍යවශ්‍ය වේ.
ආර්ථික පරිවර්තන පනතේ අනාගත දිශාව පැහැදිලි කිරීමේ වැදගත්කම, විශේෂයෙන් ප්‍රධාන ආයෝජන ආයතනවලට ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ B-Ready දර්ශකය යටතේ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය අධීක්ෂණ යේ වැදගත්කම ද වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. තවද, මෙම ව්‍යුහාත්මක පියවරයන්ගෙන් අපේක්ෂා කරන වර්ධන ලාභාංශ ලබා දීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සහ රාජ්‍ය- පෞද්ගලික හවුල්කාරිත්ව ප්‍රතිසංස්කරණවලට අදාළ නීති සම්පාදනය වේගවත් කළ යුතු බව වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.
මෙම ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය රජය, සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය සමඟ සමීපව කටයුතු කිරීමට කැපවී සිටී. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය කල් පවතින, පුළුල් පදනමක් සහිත සහ දිගුකාලීන වර්ධනයක් බවට පරිවර්තනය කිරීම සහතික කිරීම සඳහා ව්‍යුහාත්මක සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉතාමත් වැදගත්වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

