පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් දැන්වීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (30) දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මාර්තු මස 9 වනදා පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ දැන්වීම සියලුම දිස්ත්‍රික්කවලින් මැතිවරණ කොමිසම් සභාව වෙත මේ වන විට ලැබී තිබේ.
ඒ අනුව අදාළ දැන්වීම මගින් ඡන්ද විමසීම සිදුකරන දිනයට අමතරව වේලාව, ඊට තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.