අනුරාධපුර-යාපනය අලුතින් ඉදිවන දුම්රිය මාර්ගයෙ ඉදිකිරීම් වල නිරත වු කම්කරුවෙකු ජේ.සී.බී යන්ත්රයකට යටවීමෙන් බරපතළ තුවාල ලබා මැදවච්චිය රෝහලට රැගෙන යන අතරතුරදී ඊයේ (29දා) සවස මියගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
ඊයේ (29දා) සවස පහයි තිහට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පෞද්ගලික සමාගමක කම්කරුවෙකු ලෙස සේවය කළ වන්දාරමුල්ල,මඩකලපුව පදිංචි කනපතිපුල්ලේ මෝහන් නැමැති හතලිස් හත් හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
විරාල්මුරුප්පුව දුම්රිය ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ මැදවච්චිය දුම්රිය ස්ථානය දෙසට වන්නට මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.ෙ
මියගිය පුද්ගලයා අලුතින් ඉදිකරන දුම්රිය මාර්ගයේ මැටල් (කුඩා කළුගල්) තුනී කරමින් සිට ඇති බවත් ඒ මොහොතේ එම ස්ථානයේ වැඩ කරමින් තිබූ ජේ.සී.බී. යන්ත්රයක් පිටුපසට පැමිණ ඔහු යට කරගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි. පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ජෙ.සී.බී. යන්ත්රයේ පිටුපස වම් රෝදයට මියගිය පුද්ගලයා යට වී ඇති බව ය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ මරණකරු මැදවච්චිය රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බව පොලිසිය කියයි.
සිරුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණ අතර ස්ථානීය මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ජෙ.සී.බී. යන්ත්රය රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයෙ (30) මැදවච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වැඩබලන ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජෙ.විමලසිරි මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබයි.
කහටගස්දිගිලිය පැතුම් දර්ශන