ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30දා) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළමු වන දින වන විට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙහි බලපෑම හේතුවෙන් අද (30දා) සවස් කාලයේ සිට දිවයිනේ බොහෝප්රදේශ වල වැසි සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකි බවත්මෙම නිවේදනයේ සදහන් වේ.
එසේමඋතුරු අක්ෂාංශ 04 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40-45පමණ විය හැකි අතර විටින්විට සුළගේ වේගයපැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බව පෙන්වා දී ඇත. මෙම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවත් මෙම මුහුදු සීමාවන් තුළ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සදහන් වේ.
එබැවින්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළධීවර හෝ නාවික කටයුතු සදහා යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට පුර්ව අනතුරු නිවේදන නිකුත් කර ඇත.
විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසිඇතිවිය හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බවනිවේදනයේ සදහන් කර ඇත. සුළං සහ අකුණු අනතරු පිළිබද අවධානය යොමු සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මේ සම්බන්ධයෙන් විස්තර දැගනැනීමට හෝ ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.