ත්‍රී රෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමුවත් ගාස්තුව අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.
ලෝකයේ ඇතැම් කලාප වලින් වට්ස් ඇප් මාධ්‍ය ජාලයේ බිඳ වටීමක් වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ඇතැම් පරිශීලකයන් වෙත වට්ස් ඇප් පණිවිඩ යොමුකිරීමට හෝ ලබා ගැනීමට නොහැකි වී ඇති සඳහන් වෙයි.
Read Moreපාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටියත් ඒ් පිළිබඳව තොරතුරු දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත්ව සිටින්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read More2021 වසරේදී කාන්තාවන්ට එරෙහිව බලඅපරාධ සිද්ධින් 567ක් වාර්තා වි ඇති අතර එයින් කාන්තාවන් 79 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රිලංකා පොලිසිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවක සදහන්වේ.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය තුළ ස්ථාපිත කර තිබූ ආධාර පෙට්ටි තුළ එක්රැස් වී තිබූ රුපියල් 4,338,230 ක මුදලක් මහරගම අපේක්ෂා රෝහල වෙත පරිත්‍යාග කිරීම අද (25දා) උදෑසන ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
Read Moreවිකුණා මුදල් සොයා ගැනීමේ අරමුණින් රුපියල් ලක්ෂ 5කට ආසන්න යතුරු පැදි දෙකක් සොරකම් කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඊයේ (24දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර්නාඩ් මහතා පත්කර තිබේ. වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ.
Read Moreලංකා ධිවර සංස්ථාව නිරන්තරයෙන් පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදිමේ අරමුණින් නවින වෙළදසැල් ජාලාවක් දිවයිනපුරා ආරම්භකරමින් සිටින අතර එහි තවත් පියවරක් ඉදිරියට යමින් මීරිගම සහ පෑලියගොඩ දි වෙළදසැල් දෙකක් විවෘත කිරිම ධිවර අමාත්‍ය ඩග්ලස්දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) සිදු කෙරිණි.
Read Moreඇමෙරිකා භාණ්ඩාගාරයේ සහකාර ලේකම් රොබර්ට් කැප්‍රෝත් මහතා ඇතුළු දූත පිරිසක් යළිත් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය පවසයි.
Read Moreයාල වනෝද්‍යානයේ වාහන භාවිත කරමින් අනිසි ලෙස කටයුතු කළ පිරිසක් පාලනය කිරිමට අපොහොසත් වූ වනජීවී නිලධාරීන්ගේ මෙන්ම සංචාරක මග පෙන්වන්නගේ සේවය අත්හිටවීමට තීරණය කර ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.සේවය අත්හිටුවීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතය.
Read Moreපේදුරුතුඩුව පොලිස් වසමේ වල්ලිපුරම් ප්‍ර දේශයේ වෙල් යායක මත්පැන් පානය කරමින් සිටිය තරුණයින් 06 දෙනෙකුගෙන් දෙදෙනෙක් වෙල්යායේ තිබූ ළිඳකට වැටි දියේ ගිලී බරපතල තත්ත්වයෙන් මන්දිගායි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreදිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තතමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreවිදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ අද පෙරවරු 6.35 වන විට 254938ක් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවයි.
Read Moreනියාමනය කරන ත්‍රි රෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරාජපක්ෂවරුන්ගේ ආධිපත්‍ය ජන බලයෙන් සහ ජන සවියෙන් පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දින ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ලබාගැනීම වෙනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreමෙවර අයවැයෙහි ’හාම්පුතා’ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
Read Moreමගේ පොත් ටික ගිනි තැබුව නිසා පොත් කියවන්න බැහැනේ, ජූනි 09 වනදා සිට මම බලන්නේ රට වෙනුවෙන් වු චිත්‍රපටියක්, කොටස් ගණනාවක් තිබෙනවා. එහි පළමු කොටසවත් තවම අවසන් වී නැහැ.
Read Moreතාම මවගේ සුරයක් සහිත රන් මාලය, රන් අත් පළඳනාව සොරකම් කළ පුතෙයේ (23 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවදුරටත් පහළ ගොස් තිබේ. ලොව විශාලතම බොර තෙල් අනයනකරුවා වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම මෙසේ බොරතෙල් මිල පහළ යාමට හේතුව වෙයි.
Read Moreයාල වනෝද්‍යානය තුළ දී වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read Moreහෘද සාක්ෂියට එකඟව හැමවිටම නිවැරැදි දේශපාලන තීන්දු ගත් තමන් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට කිසිවිටෙකත් නොපැකිලෙන බවත් තමන් පිළිබඳ මෙතෙක් විශ්වාසය තැබූ ජනතාව කිසිසේත් පාවා නොදෙන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreසයිප්‍රසයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගෙවා ඇති සමාජ ආරක්ෂණ මුදල් යුරෝ බිලියන ගණනක් එම ශ්‍රී ලාංකිකයන් අතට ගැනීමට අදාළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව සිදු කර අවශ්‍ය ඉදිරි පියවර ගැනීම ලෙහෙසියෙන් කළ හැකි කාර්යයක් බවත් පිලිපීන රජය එම පියවරයන් මේ වන විටත් සිදුකර ඇති බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අර්බුදය වවාගෙන කෑමේ උපායමාර්ගයක සිටින වත්මන් ආණ්ඩුව එවැන්නක්වත් සිදු නොකරන බවට චෝදනා කර ස
Read Moreසමගි ජන බලවේගයේ පළාත් පාලන කම්ටු සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාව විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කර තිබේ. ඊට අදාල පත්වීම් ලිපිය ප්රදානය කළ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සහභාගී විය.
Read Moreයාපනය ඉලවාලෙයි පොලිස් වසමේ මාදගල් මුහුදු වෙරල ප්‍රදේශයේදී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 100 ක් දමාගොස් තිබියදී ඊයේ (23දා) රාත්‍රියේ සොයාගත් බවට යුදහමුදාව පවසයි.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධ තත්ත්වයන් වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩකයන් තිදෙනෙක් ඔස්ට්‍රේලියාව වෙත යොමුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
Read Moreප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කෙරෙන ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළඳසල් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පියවර ගෙන ඇති අතර බොහෝ පිරිකර තුල දැලි පිහිය ඇතුලු පිරිකර අට නොමැති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
Read Moreමේ වසරේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 800 කට අධික ප්‍රධාන සුබසාධන සහ සහන වැඩසටහන් සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා 2023 අයවැයේදී රජයට තවදුරටත් බදු වැඩි කිරීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ උච්චාවචනයන් අනුව අපි හිතනවා නොවැම්බර් මස මුලදි නැවත වතාවක් ගෑස් මිල අඩු කරන්න යැයි ලිට්රෝ මාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
Read Moreවිදේශ විනිමය අර්බුදය හේතුවෙන් පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය සමයේදී වාහන ආයනනය තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය ලබන වසර තුළදීද ක්‍රියාත්මක වෙනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
Read More