කඩවත, මීරිගම අධිවේගයේ ඇස්තමේන්තුව රු.බි. 107කින් ඉහළට
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඇස්තමේන්තුව රුපියල් බිලියන 158 සිට රුපියල් බිලියන 265 වැඩි වී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ණය චීන එක්සිම් බැංකුවෙන් ලබාදීම අත්හිටුවා ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකචච්ඡාව එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මධ්‍යම අධිවේගි මාර්ගයේ වැඩ චීන එක්සිම් බැංකුවෙන් ලැබෙන ණය නොලැබෙන නිසා නවතා දමා තිබෙනවා. කඩවත සිට මීරිගමට කිලෝමීටර් 40ක් කලින් බිලියන 158කට නිම කරන්න සකස් කළ මාර්ගය මග නතර කළා.දැන් ඇස්තමේන්තුව බිලියන 265ට වැඩි වෙලා තියෙනවා.
හංගේරියානු රජය ගුවන් පාලම් දෙකකට මුදල් ලබාදෙන්න එකඟතාව දුන්නා. ගැටඹේ හා කොහුව ගුවන් පාලම් දෙකක් දෙකක් ආරම්භ කළා. නමුත් ඒ පාලම් දෙක හදලා නිම කරන්න හංගේරියානු රජය මුදල් දීම තාවකාලිකව නවතා තිබෙනවා.ණය ප්‍රතිව්‍යුහගත කර නෙක් ඒ මුදල් ලැබෙන්නේ නැ.
ආසියානු සංවර්ධන බැංකුවෙන් අයි රෝඩ් පළමු ව්‍යාපෘතිය 2014 -2024 අවුරුදු 10ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් ලැබෙන ව්‍යාපෘතියක්. ග්‍රාමීය පාරවල් 3055යි. නාගරික පාරවල් 400ක් මේ හරහා ක්‍රියාත්මක කරන් තිබුණා. මුදල් ඉවරයි දැන් පාරට පස් පිඩැල්ල්ලක්වත් දාන්න සල්ලි නෑ. වැඩ නැවතිලා තියෙන්නේ. “
popular news
-
Rocky Wednesday, 15 February 2023 12:45 AM
Komis gahanna puluwani, Raja Sepata !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

