‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව ආණ්ඩුවේ වැඩපිළිවෙලට එරෙහිව පවත්වනු ලබන ජන රැළිය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, එක්සත් මහජන පක්ෂය, ශ්රී ලංකා මහජන පක්ෂය සහ නව ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක නායකයන් ඊට සහභාගී වීමට නියමිතයි.
රැළිය පස්වරු 2ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.