කොටහේන පොලිස් වසමේදී 07 වන දින කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත 2025.11.21 වන දින වත්තල පොලිස් වසමේ තෙළඟපාත ප්‍රදේශයේදී ඉහත අපරාධය සිදුකළ වෙඩික්කරු සහ ගිනි අවිය ප්‍රවාහනය කරමින් අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 450 ක් සොයා ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 27 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.