මාලදිවයිනේ රැකියා පෙන්වා මුදල් ගරන ජාවාරමක්
මාලදිවයිනේ රැකියා අවස්ථා ඇති බවට ව්‍යාජ දැන්වීම් ප්‍රචාරය කරන පිරිසක් විසින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් මුලාකරමින් මූල්‍ය වංචාවල නිරතවන බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මාලදිවයිනේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ සම්බන්ධව වාර්තා කර ඇති බවද කාර්යාංශය සඳහන් කරයි.
Whatsapp, Facebook, Linkedin වැනි සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින් මෙම ජාවාරම්කරුවන් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට මාලදිවයිනේ රැකියා අවස්ථා ඇති බවට දැන්වීම් පළකර, ඒ සඳහා මුදල් අයකර මාලදිවයිනට විවිධ ක්‍රම මගින් පුද්ගලයින් පිටත් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. එලෙස මාලදිවයිනට පැමිණි පිරිස්වලට ජාවාරම්කරුවන් විසින් රු.60,000-80,000 මාසික වැටුප් සහිත රැකියා ලබාදීමට හැකි බව පවසා අමතර රු.350,000 සිට රු.500,000 දක්වා අයකරන බවද නිරීක්ෂණය වී ඇත.
මාලදිවයිනේ හෝ වෙනත් ස්ථානයක වෙසෙන ශ්‍රි ලාංකික ජාවාරම්කරුවන් පිරිසක් සංවිධානාත්මකව මෙලෙස සමාජ මාධ්‍යජාල උපයෝගි කොටගෙන සිදුකරන බවත් මෙවැනි ප්‍රචාරනයන්ට හසුනොවන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. කාර්යාංශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන මගින් පමණක් රැකියා අවස්ථා සඳහා යොමුවීම වැදගත් බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා යොමුවන්නේ නම්, ඒ සම්බන්ධව දැඩි අවධානය යොමුකරන මෙන්ද කාර්යාංශය ඉල්ලා සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.