මහනුවර, පහළ කඩුගන්නාව ප්රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයෙකු මියගොස් තිබේ. සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ගනේතැන්න ප්රදේශයේ නුවර-කොළඹ ප්රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද (22) උදෑසන මෙම පස් කඳු කඩා වැටීම සිදුව තිබුණි. මේ අතර පස්කන්ද නාය ගිය ස්ථානයෙන් කොළඹ - නුවර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.