ගම්පොළ නුවරඑළිය මාර්ගය තාවකාලිකව වසයි
විශාල ගල් කිහිපයක් ප්රධාන මාර්ගයට පෙරලීමේ අවධානමක් හේතුවෙන් නුවරඑලිය ගම්පොළ ප්රධාන මාර්ගය (26) දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසිය පවසයි.
එසේ පෙරලීමේ අවධානමක් තිබූ විශෘල ගලක් (26) රාත්රියේ ප්රධාන මාර්ගයට කඩා වැටුනු බවත්, කොත්මලේ ගැරඩි ඇල්ල ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගැරඩි ඇල්ල ප්රදේශයේ තේ වත්තේ විශාල ගල් කිහිපයක් ගැලවී පහළට පෙරලී තේ වත්තේ රැදී තිබෙන බවත්, එම ගල් ප්රධාන මාර්ගයට පෙරලීමෙ අවධානමක් පවතින නිසා මාර්ගයේ රථවාහන ගමනා ගමනය තාවකාලිකව නවතා දැමූ බවයි කොත්මලේ පොලිසිය කියා සිටියේ.
තවද එම මාර්ගයේ ගැරඩිඇල්ල ප්ර දේශයේ ස්ථාන කිහිපයකම පස් කදු කිහිපයක් කඩා ඇති බවත්, කඩා වැටී ඇති පස් කදු ඉවත් කිරිමේ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවයි කොත්මලේ පොලිසිය කියා සිටියේ. වසා දමා ඇති එම මාර්ගය යලි විවෘත කරන තෙක් එම මාර්ගයෙ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස කොත්මලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

