ආපදා හේතුවෙන් මහනුවර පහක් මිය යයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි හා තද සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් පස් දෙනෙකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු අතුරුදහන්වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මහනුවර පාතහේවාහැට මැදගම නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් අවුරුදු 76 සහ 78 යන වයස්වල දෙදෙනෙකු මරණයට පත්ව ඇති අතර උඩුදුම්බර ප්‍රදේශයේ සිදුවූ ආපදා හේතුවෙන් තිදෙනෙකු මරණයට පත්ව ඇතැයි මහනුවර දිස්ත්‍රික් ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්ගොල්ල, මැදිවක, දේවින්නේගම සහ මූණමල් පැලැස්ස යන ග්‍රාම නිලධාරී වසම්වල පවුල් 04ක පුද්ගලයන් 17 දෙනෙකු බලපෑමට ලක්වී ඇති බවත් එම කොට්ඨාශයේ නිවාස දෙකකට හානි සිදුවී ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජල ගැලීම්, වාන් ජලයෙන් යටවීම සහ නාය යාම හේතුවෙන් හසලක, වේරගම සහ උඩගල්දෙබොක්ක යන ප්‍රදේශවල පුද්ගලයන් 64 දෙනෙකුට බලපෑම් සිදුව තිබේ. එමෙන්ම පස්බාගේකෝරළය පැණිතුඩුව, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාවුස්සාව, ගලහ සහ වාඩියගොඩ ද පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වලල, දොරගමුව, කැන්දලියද්ද සහ මීගම්මන බටහිර ග්‍රාම නිලධාරී වසම්වලට ද ආපදා හේතුවෙන් බලපෑම් සිදුවී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
එම ආපදා ඇතුලුව ගතවූ පැය විසිහතරක කාලය තුළ සිදුවූ ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 99ක සාමාජික සාමාජිකාවන් 318 දෙනෙකු බලපැමට ලක්වී ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි. අවතැන් වූ පුද්ගලයන් 89 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන තුළ තාවකාලිිකව රැදවීමට කටයුතු කොට ඇතැයි එම මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරණය සහ සහන සැලසීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ආපදා සහන සැලසීම සඳහා සෙසු නිලධාරීන් සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සැලසීම එහිදී සිදුවූ අතර නිලධාරීන් සම්බන්ධීකරණය කිරීම දිස්ත්‍රික් ලේකම් ඉන්දි උඩවත්ත මහතාගේ මෙහෙයවීම මත සිදුවිය.
අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර සෙසු නිලධාරීන් සම්බන්ධ කර ගැනීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුවිය.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

