ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් විසිහතර දෙනෙකු යාපනය, කරෛයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
නිෂ්පාදිත රටක්, දිනයක් සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල්ඉකුත් වන දිනයක් සදහන්ව නොමැති මත්වන බවට සැකකරන සුගර් බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
Read Moreමේ වන විට නිසි ලෙස ගල් අගුරු නැව් නොරෝච්චෝල ලක් විජය බලාගාරයට නොලැබිම හේතුවෙන් ඉදිරි වසරේ විදුලිය නිෂ්පාදය දැඩි අවිනිශ්චිත බැරැරුම් තත්වයකට මුහුන පා ඇති බව ලක්විජය බලාගාර කළමණාකාර නාලක විජේකොන් මහතා පවසයි.
Read Moreකිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රජය සීමා පැනවීමක් කර නොමැති බවත් ඒ අනුව වෙළඳපොළ තුළ කිරිපිටි හිඟයක් ඇතිවිමට ඉඩක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreරුපියල් ලක්ෂ නවයක් පමණ වටිනා ඖෂධ තොගයක් බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී .විජේසූරිය මහතා වෙත ඊයේ (28දා) පරිත්යාගකෙරිණි.
Read Moreපාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය ලංකාවට පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000ක කොටසින් තවත් සහල් මෙට්‍රික් ටොන් 1000ක් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. මෙම සහල් මෙට්‍රික් ටොන් 1000 කිලෝ 10 බැගින් වූ පැකට් ලක්ෂයක ඇසුරුම් කර තිබේ.
Read Moreපූජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඊයේ (28දා) රාත්‍රී විසන්ධි කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පැවැසීය.
Read Moreවිදුලි අලිවැට ඉදි කරනවාට ගම්වැසියන් විරුද්ධ වීම නිසා වන අලි ගම්වැදීම නැවැත්වීම සඳහා 2022 වසරේ ඉදි කිරීමට නියමිතව තිබූ විදුලි වැට 26ක වැඩ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More(LONG READS) මෙසේ ලබාදුන් තොරතුරු විශ්ලේෂණය මගින් අනාවරණය වූයේ එසේ සිදුකළ මිලියන 44කට අධික වියදම් අතුරින් රුපියල් මිලියන 36කට අධික මුදලක් (36,970,864.14 ) වැයකර තිබෙන්නේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවත්, ඒ නිල විදෙස් සංචාර 02ක් සඳහා පමණක් බවත් හෙළි විය. එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල විදෙස් සංචාර 03ක් වෙනුවෙන්ම යොදවා ඇත්තේ රුපියල් මිලියන 07ක පමණ (7,768,320.77 ) මුදලක් බවද එම තොරතුරු මගින් අනාවරණය වේ.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 දින වන විට ලැබිය යුතු මුලු හිග බදු, දඩ හා පොළී මුදල රුපියල් 773,957,856,618 බව (බිලියන 773) කෝපා කමිටුවේදී අනාවරණය විය.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මහතාගේ ආරාධනය පරිදි ඇමෙරිකාව බලා අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස සේවය කරමින් සිටි ඊ.කුෂාන් නැමැති පුද්ගලයා අද (29දා) දින අලුයම ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සනාථ කළේය.
Read Moreලීසිං වාරික ගෙවීම පමා වීම හේතුවෙන් පෞද්ගලික බැංකුවක් විසින් අත්පත් කර ගැනීමට නියෝග නිකුත් කර තිබූ ප්‍රියස් වර්ගයේ කාර් රථයක් සහ එහි තිබූ රුපියල් ලක්ෂ 7 ක මුදලක්, පොලීසියෙන් යැයි පවසා පැහැර ගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (27දා) විමර්ශනයක් ආරම්භ කළ බව මරදන්කඩවල පොලිසිය පවසයි.
Read Moreතමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ.
Read Moreඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල පිරිසකගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ අාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreනැවතත් මේ රටට සංචාරකයන් එන මොහොතේ නුවර සිට කොළඹට පෙළපාලියක් එන්න ලෑස්ති වෙලා තියෙනවා. කරුණාකරලා මේ කෝලම නවත්වන්න. ජනතාව අවුස්සගන්න එපා. ඔබතුමා මේ පාර ගුටිකන්නේ පාරේ ඉන්න මිනිස්සුන්ගෙන්. මේක කඩාකප්පල් කරන්න එපා. ඔබතුමාගේ නොහැකියාව තියාගන්න පාර්ලිමේන්තුව තුළ. මට මෙච්චරයි කියන්න තියෙන්නෙ.
Read Moreඅල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එය ආසන්නයේ පිහිටි ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගත් බවයි.
Read Moreවර්ථමානයේ රට කඩා වැටී තිබීමට අවුරැදු 75ක් අයවැය ලේඛන තුළින් මුදල් අමාත්‍යංශය සකස් කර දෙන අසත්‍ය ඒ අකාරයෙන්ම පැවසීම හේතු වී තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreධීවරයන්ගේ භුමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිතා කර ඉදිරි දින 03 තුළ ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පැවසීය.
Read Moreෆෙයි ජුන්ලොන්ග්, ඩෙන්ග් කින්ග්මින්ග් සහ ෂැන්ග් ලූ යන චීන ගගනගාමීන් රැගෙන ෂෙන්ෂෝ-15 මිනිසුන් සහිත මෙහෙයුම සිදුකිරීමට සූදානමින්.
Read Moreතම නිවාඩුව සඳහා ශ්‍රි ලංකාවට නොපැමිණෙන එසේම ශ්‍රි ලංකාවේ අඩියක්වත් නොතබන පුද්ගලයෙක් පසුගිය වසර දෙකක කාලය තුළ ලෝකයේ ප්‍රභල රටක ශ්‍රී ලංකාව නියෝජනය කිරිම වෙනුවෙන් තානාපතිවරයෙක් ලෙස පත්කර ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreලොව විශාලතම බොරතෙල් ආනයනකරුවා වන චීනයේ ඉන්ධන ඉල්ලුම පහළ යනු ඇතැයි යන අපේක්ෂාවන් සමග අද (28දා) දිනය වනවිට බොරතෙල් මිල වසරේ අවම මට්ටම කරා ළඟා වී තිබේ.
Read Moreමට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
Read Moreමධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කෝප් කමිටු රැස්වීම තරමක උණුසුම් මුහුණුවරක් ගැණිනි.
Read Moreකටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද (28දා) පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ගුවන් ගත වී විනාඩි 05 ක කාලයකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreරියදුරු බලපත්‍ර සඳහා සෘණාත්මක ලකුණු ලබාදීමට ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreපොලීසිය සඳහන් කළේ ගුවන් නියමුවා සහ මගියා යන දෙදෙනාම නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වුවත්, ඔවුන් දෙදෙනා තුවාල ලබා සිටි බවයි.
Read Moreඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගේ ආරාධයනය මත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට (29දා) සිට දෙසැම්බර් 04 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
Read Moreරට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
Read Moreයුක්රේනයට සහාය දීම නිසා ජීවන වියදම් ඉහළ යාමට හේතු වන බව නේටෝ කණ්ඩායමේ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පිළිගත්තේය.
Read More