රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මගනැගුම ආයතනයේ විශාල පිරිසක්ව න්දි ගෙවා බලහත්කාරයෙන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (11දා) ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කරන බව ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් - ඔබතුමන්ලා සමහර රාජ්‍ය ආයතන වසා දමනවා. එයින් එකක් තමයි ඔබතුමාගේ අමාත්‍යාංශයේ තිබෙන මගනැගුම ආයතනයේ විශාල පිරිසකට වන්දි ගෙවලා බලෙන් ගෙදර යවන්න සැලසුම් කරලා.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ලක්කරනවා නම් ක්‍රමවේදයක් තියෙන්න ඕන. එක පැත්තකින් ඒ අහිංසක ළමයි එළියට දාද්දි අනිත් පැත්තෙන් ඔබතුමා දුම්රියදෙපාර්තමේන්තුවට ළමයි බඳවා ගන්නවා. මේක සාධාරණ නෑ. මේ ගැන උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන - බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවට මේ කටයුතු ඉදිරිපත් කරනවා. ඔබතුමා සඳහන් කළා දුම්රියට සේවකයන් 3,000ක් බඳවාගෙන කියලා. සම්පූර්ණ අසත්‍යක්. මොකද හේතුව. රජයේ සේවයට බඳවාගෙන තිබුණු බහුකාර්යය බළකායේ 3,000ක් ස්ථීර රැකියා සඳහා දුම්රියට ගැනීම විතරයි කරලා තියෙන්නේ. අලුතින් බඳවාගෙන නෑ.
ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ සියලුම කටයුතුනතරවෙලා, යන්ත්‍ර සූත්‍ර තිබෙන ඒවා ස්වෙච්චාවෙන් විශ්‍රාම යැවීම ක්‍රියාත්මක කරනවා. කැමති අයට විතරයි යන්න පුළුවන්. බලහත්කාරයෙන් යැවීමක් සිදුකරන්නේ නෑ. ඒ අනුව කැමතිය අය 600 ගාණක් යවලා තියෙනවා.