පුද්ගලික අංශය යුරියා අඩු මිලට අලෙවි කරමින් තිබියදි ගොවිජන සේවා මධ්යස්ථවලින් වැඩි මිලට යුරියා හා මඩ පොහොර අලෙවි කරමින් තිබෙන බවත් මේ නිසා ගොවිජන තාවට අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සදහන් කරයි.
අඩු මිලට යුරියා හා මඩ පොහොර ලබා දෙන බවට වරින් වර ආණ්ඩුවේ පිරිස් ප්‍රකාශ කරණ බවත් එහෙත් ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් යුරියා කිලෝ 50 ක් අලෙවි කරණූ ලබන්නේ රුපියල් දසදහසක(10000) මුදලකට බවත් එහෙත් පුද්ගලික අංශය යුරියා කිලෝ 50 ක් රුපියල් හත්දහසක මුදලකට අලෙවි කරමින් තිබෙන බවද පවසා සිටියේය
ගොවි රක්ෂණයේ සමාජිකත්වය ලබා ගැනිමට නම් අනිවාර්යෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් පොහොර මිලදි ගත යුතු බවත් මේ අනුව යුරියා කිලෝ50 ක් රුපියල් දසදහසකට හා මඩපොහොර කිලෝ50 ක් රුපියල් දහනවදහස් පන්සියක්(19500) වැනි අධික මුදලකට ගොවිජනතාව මිලදි ගැනිමට සිදුව තිබෙන බවද සදහන් කලේය
මඩ පොහොර ප්‍රද්ගලික අංශය තුලින් නිසි ලෙස අලෙවි කිරිමක් සිදුනොවන බවත් ගොවිජන සේවා මධ්‍යස්ථාවලින් මඩ පොහොර වැඩි මිලට අලෙවි කරමින් තිබෙන බවත් මේ නිසා මේවර කන්නයෙදි මඩ පොහොර භාවිතා කිරිම සිමා කිරිමට ගොවින් කටයුතු කල හැකි බවද සදහන් කලේය
ප්‍රද්ගලික අංශය විසින් පසුගිය කාලයෙදි යුරියා කිලෝ 50 ක් රුපියල් විසිතුන්දහසකට අලෙවි කරණ විට රජය විසින් යුරියා කිලෝ 50 ක් රුපියල් දොලොස් දහස් පන්සියකට අලෙවි කරමින් ගොවිජනතාවට අවශ්‍ය සහන ලබාදුන් බවද කියාසිටියේය
මේ නිසා මඩ පොහොර මිල හා යුරියා මිල අඩු කර වගා කටයුතු සිදුකිරිම සදහා ගොවිජනතාවට අවශ්‍ය සහන ලබා දිය යුතු බවද සදහන් කළේය