භාණඩ ප්රවාහන දුම්රියක් පිලි පැනිම හේතුවෙන් ඇන හිට තිබු උඩරට දුම්රිය මාර්ගය ගමනා ගමන කටයුතු (13දා) පස්වරු 2 සිට යළි යථා තත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරියේ නිලධාරියෙකු පැවසිය.
නාවලපිටියේ සිට නනුඔය දක්වා ධාවනය වු භාණ්ඩ ප්රවාහන දුම්රියක එන්ජිම සහ මැදිරියක් වටගොඩ සහ ග්රේඩ්වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර 121 වෙනි සැතපුම් කණුව අසල පිලි පැණිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඊයේ පස්වරු 6.15 සිට (13) දින පස්වරු 2 ක දක්වා ඇන හිට තිබුණි.
දුම්රිය පිලි පැණිම හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එම දුම්රියන් වල ගමන් ගත් මගින්ව ලංගම බස් රථ මගින් දුම්රිය ස්ථාන දෙක දක්වා ප්රවාහනය කර එම මගින්ව දුම්රියන් වලට මාරු කරනු ලැබුහ.
දුම්රිය පිලි පැණිම හේතුවෙන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදු වි තිබුණි.
