saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4404 hours ago

LATEST

ලෝක කුසලානය දින්නත් ආර්ජන්ටිනාවට අංක එක නෑ ?

calendar_today 2022 දෙසැ 21 - 02:27 remove_red_eye - 1640  

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළිදක්වන නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ මෙවර ලෝක ශූර ආර්ජන්ටිනාවට හිමි නොවන බව වාර්තා වේ.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙහි වඩාත්ම කැමැත්ත (ලයික්) හිමිකරගත් ඡායාරූපය බවට පත්වීමට ලයනල් මෙසී ලෝක කුසලානය හිමිකර ගත් ඡායාරූපය පත්වී ඇත.

Read More

ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 185කි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 කින් ඩු කර ඇති අතර නව මිල රුපියල් 378ති. දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 10 කින් අඩුකර අරති අතර නව මිල රුපියල් 480කි. වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1780කි. හාල්මැස්සන් (තායි) රුපියල් 50 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1100කි.

Read More

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කෙරේ.

Read More

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට එප්පාවල පොලීසියට අදාළ දරුවාගේ දෙමාපියන් විසින් පැමිණිල්ලක් සිදු කර ඇත.

Read More

ජෝන් හෝප්කිංස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කී මහතා සතිපතා ප්‍රකාශයට පත්කරන ලොව රටවල් අතර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව පහළ ගොස් තිබේ.

Read More

“සුදු මැස්සා” (Whitefly) මර්දනයට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල සීග්‍රයෙන් ව්‍යාප්ත වන “සුදු මැස්සා” (Whitefly) කෘමි උවදුර මර්දනය තිරසරව කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

රත්වූ ඉස්තිරික්කයකින් සිය බිරිඳගේ ශරීරයේ කිහිප පොලක් පිලිස්සීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු හාලිඇල පොලිසිය මගින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ බිරිඳට අයත් නිවසක් බිඳ එහි තිබූ භාණ්ඩ සොරකම් කළ බව පැවසෙන පුද්ගලයෙකු සොරාගත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරින් ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානය දක්වා පහළ ගොස් තිබේ. මෙම දර්ශකයේදී මිට පෙර ශ්‍රී ලංකාව හය වැනි ස්ථානයේ පසුවිය.

Read More

’’ ජනාධිපති ආරක්ෂක අංශයේ මම ඉන්නේ ’’ , ’’ඔයාලට වඩා නීතිය ගැන මම දන්නවා ’’යැයි පවසමින් බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාකර පොලිස් භාරයට ගත් යතුරු පැදියක් බලහත්කාරයෙන් අත්පත් කරගත් යුද හමුදා කෝප්‍රල්වරයෙකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ ( 19) සිය සහතිකය සටහන් කළ දේශීය ආදායම් (සංශෝධන) පනතට අදාළ බදු සංශෝධන එම පනතේ විධිවිධාන ප්‍රකාරව 2023 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

Read More

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අනුරාධපුර සිට වව්නියාව දක්වා ලබන ජනවාරි මස 5දා සිට මාස පහක කාලයක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

Read More

මේ රටේ පාසල් පද්ධතිය තොරතුරු තාක්ෂණයෙන්, පරිගණක විද්‍යාව, කෘතීම බුද්ධිය වැනි නව ප්‍රවණතාවලින් ශක්තිමත් කරනවා වෙනුවට වත්මන් රජය සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සොයා පාසල් යන දූදරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම බවත්,එවිට දකින්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවට හිස් කෑම පෙට්ටි සහිත බෑග් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරය සතු ගල්අඟුරු තොග මේ මස 31දා අවසන් වූ පසු විදුලි ජනන යන්ත‍්‍ර අක්‍රිය වන බවත් එම නිසා පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (20දා) පවසයි.

Read More

හිටපු ජනපති ‌මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන කුරුණෑගල මහ නගර සභාවේ අයවැය පරාජයට පත්වීම විශේෂ කරුණක් වෙයි.

Read More

ඉංගිරිය නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ බෑවුමක කැලෑ ප්‍රදේශයක දමා ගොස් පුද්ගලයාගේ ඝාතනය සිදුවී ඇත්තේ තදබල ලෙස පහර දී ගෙල සිර කිරීමෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී යැයි පානදුර කොට්ඨාස පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

Read More

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

වාද්දුව මොරොන්තුඩුව පාරේ කන්දඋඩවත්ත ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශණාගාරයේ අද ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .

Read More

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට දෙවෙනි දරුප්‍රසූතිය සඳහා ඉකුත් (19) වෙනිදා පැමිණි මවත් දරුවාත් මියගොස් ඇතැයි රෝහල් පොලීසිය පවසයි.

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව කමිටු සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීනි සන්ධ්‍යා සිරිවර්ධන හා ආනන්ද හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු දිස්ත්‍රික් නායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අද (20දා) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දි භාර භාර දුන්හ.

Read More

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000න් අවසන් තොගය වන සහල් මෙට්‍රික ටොන් 1000ක් ඊයේ කොළඹ වරායට රැගෙන ආවේය.

Read More

පානදුර දකුණු පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු එහි වැසිකිළිය තුල ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.

Read More

බස් රථයක් පදවමින් සිටි රියැදුරෙකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද නිවසක තාප්පයක් කඩා ගෙන ගොස් නැවතී ඇති අතර පසුව එහි රියදුරු බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තෙගොඩ පොලීසිය පවසයි.

Read More

සියලු පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වා ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන් ම පාසල් කටයුතු වලට අදාල තවත් පාර්ශව ගණනාවක නිලධාරීන් සහභාගී විය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Read More

01 වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයන් සඳහා ආයෝජකවීසා කාණ්ඩය යටතේ වීසා නිකුත් කිරීම. 02 වරාය නගරයේ සේවය කිරීමට පැමිණෙන සේවා නියුක්තිකයන් වෙනුවෙන් සේවා නියුක්ත වීසා කාණ්ඩය යටතේ වීසා නිකුත් කිරීම. 03 කොළඹ වරාය නගරයේ බදු පදනම මත වාසය කරන නේවාසිකයන් සඳහා සී.පී.සී. නේවාසික දේපල බදු ගැනුම්කරු යටතේ වීසා නිකුත් කිරීම

Read More

හෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි ‌විශ්වවිද්‍යාලයේ ඇතිව තිබෙන ඛේදනීය තත්ත්වය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කර තිබේ.

Read More

ජනජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව පළමු වරට ඊයේ (19) ඔහුගේ බිරිඳගෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.