මාස තුනක් ගියත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සැලසුම් නෑ
දිස්ත්‍රික් සංවර්ධන සළැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දි මාස තුනක් ඉක්ම ඇතත් ඒ පිළිබඳ දළ සැලැස්මක් හෝ ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරු කටයුතු කර නැතැයි කී අග්‍රාමාත්‍යවරයා යුහුසුළුව හා කඩිනමින් එම සැලසුම ඉදිරිපත් කරන්නැයි අවධාරණය කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අරලියගහ මන්දිරයේදී රැස් වූ අවස්ථාවේදීය.
පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කිරීම, එම ආයතන වල මූල්‍ය ප්‍රතිපාදන කළමනාකරණය, සියලු කටයුතු අධීක්ෂණය හා පවත්වාගෙන යාම ඇතුළු කරුණු හා ක්‍රමවේදයන් රාශියක් මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
දිස්ත්‍රික්කයේ ප්‍රමුඛත්වය දිය යුතු අංශ හඳුනා ගනිමින් හැකි ඉක්මනින් දළ දිස්ත්‍රික් සංවර්ධන සැළැස්මක් හෝ කඩිනමින් කමිටුවට යොමු කරන ලෙස කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා දිස්ත්‍රික්කය තුළ සිටින නිළධාරීන්ගේ සහාය ලබා ගන්න ලෙස ද උපදෙස් දුන්නේය.
ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන සැළසුම්, ක්‍රියාත්මක නොවන සැළසුම් හා සම්පත් පිළිබඳව තොරතුරු ඊට ඇතුළත් විය යුතුව ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කීවේය.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැදවීම හා නොකැඳවීම සම්බන්ධයෙන් වූ සම්පූර්ණ වාර්තාවක් මේ වන විටත් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සංවර්ධන කමිටු සභාපතිවරු සමග සාකච්ඡා කර ආණ්ඩුකාරවරුන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැදවීමට පියවර නොගතහොත් එවැනි නිලධාරීන් වගකිම් ඉටු නොකරන නිලධාරින් ලෙස ජනාධිපති කාර්යාලයට දැනුම් දිමට පියවර ගන්නා බවද කීවේය.
පළාත් පාලන ආයනවල නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනිදා අවසන් වූ හෙයින් එම ආයතනවල කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාම සදහා ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මීට මාස තුනකට පෙර මෙම කමිටුව ස්ථාපිත කෙරිණි.
popular news
-
Wimal Tuesday, 16 May 2023 08:38 AM
Baiyyoth ekka ekathuwela paskapala kelakapala bar permit issue korala eka tamari unge sanwardanaya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

