වව්නියාවේ සිට දකුණු ඉන්දියාවේ නෙල්ලෙයි, ප්‍රදේශයේ කංගෙයිකොන්ඩාන් නමැති සරණාගත කඳවුර තුළ වාසය කළ ලාංකිකයෙක් තියුණු ආයුධවලින් පහරදි ඝාතනය කර ඇතැයි ඔහුගේ ඥාතීන් පවයි.
පසුගිය 13 වැනිදා මෙම ඝාතනය සිදුකර ඇතැයිද ඔවුන් වැඩිදුරටත් පවසයි.
වවුනියාව ඥාතීන් පැවසූවේ යුධ සරණාගතයෙකු ලෙස කංගෙයිකොට්ටම නමැති සරණාගත කඳවුරේ ජිවත්වු රාමචන්ද්‍රන් නමැති පුද්ගලයෙකු එලෙස කිසියම් පිරිසක් වසින් ඝාතනය කොට ඇති බවයි.
රාමචන්ද්‍රන් නමැත්තාගේ බිරිඳ හා දරුවා වවුනියාවේ ජිවත්වන අතර, රාමචන්ද්‍රන් ඉන්දියාවේ සරණාගත කඳවුර තුළ වාසය කරමින් පින්තාරු රැකියාව කරමින් ජිවත්වි ඇති බවද මියගිය අයගේ ඥාතීන් පවසති.
මිය ගිය පුද්ගලයා 13 වැනිදා උදැසන ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් පිටතට නොපැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂාකිරීමේදී කැපුම් තුවාල සහිත මළ සිරුර සොයාගෙන ඇති බවද ඥාතීන් පැවසූහ.
කංගෙයිකොන්ඩාන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.