saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4392 hours ago

LATEST

කුසල් මෙන්ඩිස් දෙවැනි වරටත් අලෙවි නොවෙයි‍

calendar_today 2022 දෙසැ 23 - 21:09 remove_red_eye - 1375  

අයි.පී.එල්. වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස් දෙවැනි වරටත් අලෙවි නොවීය. ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික ලංසුවකට ඉදිරිපත් වුවද කිසිදු කණ්ඩායමක් ඔහුව කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවීය. ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 5ක මූලික මිලක් නියම වී තිබුණි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියක් තුළ ක්‍රීඩකයෙක් අලෙවි වූ වැඩිම වටිනාකමට හිමිකම් කීමට එංගලන්තයේ සෑම් කරන් සමතවිය. ඔහු මිලදී ගැනීම වෙනුවෙන් පංජාප් කිංගස් කණ්ඩායම ඔහු මිලදී ගැනීම වෙනුවෙන් වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 18.5කි.

Read More

ඇල්පිටිය යක්කටුව මංසන්ධියේදී අද (23දා) සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන එක බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පමණක් නොව පාසල් වලත් අද වන විට සිදු වෙන බවත් මෙයින් පිළිබිඹු වන්නේ මුළු සමාජයම පරිහානියට පත් වී තිබෙන බව යැයිද ප්‍රයත්නයන් දරන්නේ සමාජය යහපත් පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන සමාජයක් බිහි කිරීමට බව බෞද්ධ හා පාලි විශ්ව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවැසූහ.

Read More

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය ආසන්න ප්‍ර දේශය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාර නේවාසිකයින්ගේ නත්තල් කැරොල් ගී වැඩසටහන කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර අධ්‍යන කේන්ද්‍රයේදී පැවැත්විණි.

Read More

ලබන සඳුදා (26දා) රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීම නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා (26දා) වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන් සඳහා එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

Read More

මෙවර උත්සව සමයේ කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි .

Read More

වනාතවිල්ලුව එළුවන්කුලම තවුසමඩුවේ කුඹුරු අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවි යාමත් සමග තමන් දැඩි අවදානමකට ලක්වි ඇති බව ගොවින් පවසති.

Read More

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ .

Read More

රතු පරිප්පු කිලෝවක් රුපියල් 11 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 374කි. සුදු සීනි කිලෝවක් රුපියල් 6 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 218කි. අර්තාපල් කිලෝවක් රුපියල් 5 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 285කි. වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 1780කි. ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 185කි. දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) එකක් රුපියල් 15 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 475කි. හාල්ම

Read More

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ සැක කටයුතු පාර්සල් 07 ක් විවෘත කළ ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් , ඒවා තුළ තිබී රුපියල් දහසය කෝටි පනස් නව ලක්ෂ පනස් පන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා අද(23දා) ප්‍රකාශ කළේය .

Read More

මහජන ගැටළු විසඳීමට රාජ්‍ය නිළධාරින්ගේ සහය නොලැබෙන බවත් රාජ්‍ය නිළධාරින්ගේ වැරදි නිසාවෙන් දේශපාලනඥයා බැණුම් අසන බවත් ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම සඳහාවන රැස්වීම් මාලාවක් ලබන මස 31වැනිදාට පෙර සංවිධානය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ.‍

Read More

මහකළුගොල්ල පොලිස් වසමට අයත් මහකළුගොල්ල බිබිලයාය පාරේ පිහිටි වෙළෙඳසැලක් ඉකුත් (21) වෙනිදා බිඳ රුපියල් පහළොස්දහසක් සහ බීඩිමිටි දෙකක් සොරාගත් බව කියන තරුණයින් දෙදෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි , දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩි පිරිසක් සිරිකොතේ ඉදලා ආපු අය , මම තවමත් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසිය.

Read More

මේ රටේ දේශපාලනයට බොහෝම අමාරුවෙන් ආපු මිනිහෙක් චාමර සම්පත් කියන්නේ, චාමර සම්පත්ගේ දේශපාලන කථිකාව කියවලා තියෙනවා මේ රටේ මිනිස්සු, චාමර සම්පත් කියන්නේ බොහෝම පොඩි තැනකින් පටන් ගත්ත මිනිහෙක්. මේ රටේ අනෙක් දේශපාලඥයෝ වගේ නෙමෙයි. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදියි , චාමර සම්පත් දසනායකයි දෙන්නම එකයි.එක විදිහට පටන් ගත්ත දෙන්නෙක්.

Read More

ලෝක බැංකු ණය මුදලක් යටතේ මිල දී ගන්නා ලද යුරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් අද දින (23) පාන්දර කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙම පොහොර තොගය මැලේසියාවේ සිට ගෙන එන ලද්දක් වේ.

Read More

ඇබකස් ඔලිම්පියාඩ් ජාත්‍යන්තර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 18 දිනා දීමට එම තරගාවලියට සහභාගී වූ ශිෂ්‍යයන් 18 දෙනාම සමත් වී සිටි අතර ඔවුහු එම පදක්කම් රැගෙන අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

Read More

සීදුව - කොටුගොඩ මාර්ගයේ යතුරු පැදියකින් පැමිණ මාර්ගය අසළ නවතා තිබූ යතුරු පැදි කරුවෙකුට යතුරු පැදියකින් පැමිණි තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන අයෙකු ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිකර කූට අයුරින් සංචාරක වීසා මගින් ඕමාන් රජයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කල ඒජන්සි ආයතනයක හිමිකාරිනිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (22දා) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තෝඩුවාව මුහුදේ දිය නෑමට ගිය 11 හැවැරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. තෝඩුවාව පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

Read More

මේ වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් රෝහල්වල මෙන් ම ෆාමසිවලත් බෙහෙත් නොමැති බවත් එසේ බෙහෙත් නොමැතිව වැඩිහිටියන්, මව්වරුන්, දරුවන් ආදී පුරවැසියන් රැකගන්නේ කෙසේද? යන්න තමා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ මුදලට ගන්න හෝ බෙහෙත් නොමැති අවස්ථාවක බෙහෙත්වල මිල ඉතා ඉහළට ගොස් ඇති බව යි.

Read More

බස්නාහිර පළාතේ රෝහල්වල හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග බාහිරින් මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමිවේ.

Read More

මාක්ස්පුත්‍රයින්ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගැනීමට සමස්ත සමාජයම පෙරට පැමිණිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (22ා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

ජාතික ශිෂ්‍යභට බලකායේ සංවර්ධනය කටයුතු සඳහා රුපියල් මිලියන 5ක ආධාරයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ (21දා) ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලබාදෙන ලදි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ඉන්දියාවේ හා චීනයේ මූල්‍ය සහතික ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින බව ශ්‍රී ලංකා මහ බැංක අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

මහජන ආරක්ෂක ආඥාපනතේ ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ් ඒ් දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරණයන්හි ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාවන සියලුම සාමාජිකයන් කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (22දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතයට සුදුසු හැසිරීමක් අනුගමනය කරන ලෙස ඉන්දීය රජයේ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.