saravita-anim2

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා

Latest News - timelapse 33 hours ago

LATEST

හිටපු ජනපති රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන දැනුම්දීමක්

calendar_today 2025 අගෝ 26 - 14:13 remove_red_eye - 426  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දී තිබේ.

මෙරට අපනයන ආදායම් ඉතිහාසයේ නව සංධිෂ්ඨානයක් ලකුණු කරමින් මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Read More

2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

Read More

බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ව සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට බවත්, වත්මන් රජය පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය වගකීම භාරගන්නා බවත්, පුරවැසියාට කැමති නම් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනුවට, පුරවැසියා වෙනුවෙන් වග වන සේවාවක් බවට සෞඛ්‍ය සේවාව පත්කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

Read More

දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 8,850,000/-ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම ’’දූෂණය’’ නමැති වරද සිදුකළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

මහ මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවතින නඩුව ලබන ජනවාරි මස 06 දා තෙක් කල් දැමීමට අධිකරණය අද නියෝග කළේය.

Read More

එකසත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, පක්ෂ මහා ලේකම් නීතිඥ තලතා අතොකොරල මහත්මිය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ටයින් පිරිසක් අද (26දා) අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි හමුව තිබේ.

Read More

බොරලැස්ගමුව පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරින් සමත්ව තිබේ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ (ICU) තබා ඇති බැවින් අද(26දා) අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයක් තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස සීවලි අරුක්ගොඩ මහතාව අද (26දා) සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

Read More

මාතර වෙරළ පාර ප්‍ර දේශයේදි කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ‍

Read More

ලබන මස 01 වන දින සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලූම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැලඳීම අනිවාර්ය වන අතර, මෙම ක‍්‍රියාමාර්ගයන්ට අදාළව රියදුරන් හා මගී ජනතාව දැනුම්වත් කිරීම ඊයේ(25දා) සිදුවිය.

Read More

-ඩුබායිහි සැඟව සිටින අපරාධකරුවන් පිරිසක් විසින් සැලසුම් කර ඇතිබවට බුද්ධි තොරතුරු ලැබිලා - අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ ජීවිත ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්

Read More

එංගලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය”

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යම්තාක් දුරකට සතුටුදායක මට්ටමකට හැරී තිබුණද එම තත්ත්වය වෙනස් විය හැකි බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (25දා) උදෑසන මාධ්‍යට අදහස් දක්වමිනි.

Read More

අද (25) රාත්‍රි 12න් පසුව පුත්තලම මාර්ගයෙන් ආරම්භ වන ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේය.

Read More

කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් ලබන සැප්තැම්බර් මස 08 වැනිකිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය අද ( 25 වැනිදා ) නියම කරනු ලැබුවාය.

Read More

ඇල්ල නගරයේ එකතු වී ඇති කැලිකසල ගොඩ සහ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් හමාඑන දුගඳ මෙන්ම මැසි කරදර නිසාවෙන් ඇල්ල සංචාරක පුරවරයට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිති .

Read More

ඇඹිලිපිටිය, නාවලපිටිය, මාතලේ, මීගමුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, හලාවත, මොණරාගල, දඹුල්ල, හොරණ, යන දිස්ත්‍රික් මහ රෝහල් දහය සඳහා ද පොළොන්නරුව, මඩකළපුව, බදුල්ල, අනුරාධපුර යන ශික්ෂණ රෝහල් සඳහා ද පොතුවිල්, කන්තලේ, අක්කරෙයිපත්තුව, දෙහිඅත්තකන්ඩිය, යන මූලික රෝහල් සඳහා ද අම්පාර මහ රෝහලට සහ සීගිරිය රෝහලට ද මෙම අති නවීන ගිලන් රථ 20 බෙදා දෙන ලදී.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවතකල අබලි වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රු දොලොස් කෝටි අටලක්ෂ හැත්තෑහත්දහසක මුදලක් (රු. 120,877,000.00) ක මුදලක් රජයේ අදායමට බැර කර ඇත.

Read More

මොනරාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වැඳිකුඹුර කවුඩාව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් (25) වෙනිදා මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජම්බු ගසකට නැගී අස්වැසුම ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වූවාය.

Read More

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (25) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිණි.

Read More

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ​ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කථානායකවරයා වෙත යොමු කරන බව අද (25දා) සඳහන් කර තිබේ.

Read More

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට අද(25දා) ඉදිරිපත් වී තිබේ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26දා) අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය මණ්ඩලයේ තීරණය අනුව සිදු කරන බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පැවසීය.

Read More

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සමග සිටි සියලු රණවිරුවන් මේවන විට නාමල් රාජපක්ෂ මහතා වටා අත් වැල් බැද ගනිමින් සිටින බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට 2029 වර්ෂයේ නිතරගයෙන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කරවන බවට තමා අභියෝග කරන බවත් විශ්‍රාමික රණවිරුවෙකු වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම් කීර්තිරත්න බණ්ඩාර මහතා පැවැසීය.

Read More

බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සැප්තැම්බර් මස 23 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නියම කළේය.

Read More

මහනුවර කටුගස්තොට මාර්ගයේ යතුරුපැදි රේස් පැද්ද තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක්ව එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි.

Read More

ටයිෆූන් කජිකි සුළි කුණාටුව වියට්නාමයට පැමිණීමට පෙර එරට 586,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට නියෝග කර තිබේ.

Read More

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(25දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.