රයන් එයාර් ලාභය අඩුවෙයි, සේවක වැටුප් වැඩිවිම් අත්හිටුවයි
මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය සමග ඉන්ධන පිරිවැය ඉහළ යාම පියවා ගැනීම සඳහා, තම කාර්ය මණ්ඩලයේ
වැටුප් තාවකාලිකව එලෙසම පවත්වා ගැනීමට (වැටුප් වැඩිවීම් අත්හිටුවීමට) රයන්එයා ගුවන් සේවය සලකා බලමින් සිටී.
මැදපෙරදිග ගැටුමට "ක්ෂණික විසඳුමක්" නොලැබුණහොත්, ඉන්ධන මිල ගණන් "2027 වසර දක්වාම" ඉහළ මට්ටමක පවතිනු ඇතැයි එම ගුවන් සේවය පවසයි.
කෙටි කාලීනව තම ඉන්ධන වියදම යුරෝ බිලියන 2කින් (පවුම් බිලියන 1.6කින්) ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති රයන් ඒයාර් සමාගම මෙම පිරිවැය පියවා ගැනීම සඳහා යුරෝපීය ගුවන් ගමන් ගාස්තු ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, එම පියවර පමණක් ප්‍රමාණවත් නොවනු ඇතැයි පවසන සමාගම, වෙනත් පියවරයන් සමඟ එක්ව "වැටුප් වැඩිවීම් තාවකාලිකව අත්හිටුවීම" පිළිබඳව ද සොයා බලමින් සිටී.
ඉන්ධන පිරිවැය ඉහළ යාම ප්‍රධාන හේතුවක් කරගනිමින්, සැප්තැම්බර් මස අවසානය දක්වා වූ මාස හය තුළ සමාගමේ බදු-පෙර ලාභය 16%කින් පහත වැටී යුරෝ බිලියන 2.4ක් දක්වා අඩු වී ඇති බව එම ගුවන් සේවය සඳහන් කරයි.
තම ඉන්ධන අවශ්‍යතාවයෙන් 80%ක්ම 'හෙජ්' කර තිබූ බව, එනම් කලින් තීරණය කළ ස්ථාවර මිල ගණන් යටතේ කල්තියා මිලදී ගෙන තිබූ බව Ryanair පවසයි. කෙසේ වෙතත්, ඉතිරි කොටස සඳහා වන පිරිවැය දෙගුණ වී ඇත.
මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වසරේ ගුවන් යානා ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පර්සියානු ගල්ෆ් කලාපයෙන් ලැබෙන පිරිපහදු කළ ඉන්ධන සැපයුම දැඩි ලෙස අඩු වී ඇති අතර, වෙනත් ප්‍රදේශවලින් ලැබෙන ඉන්ධන සඳහා ඇති ඉල්ලුම සහ තරඟකාරීත්වය ඉහළ ගොස් ඇත.
ලබන වසරේදී තම සමාගම ඇතුළු අනෙකුත් ගුවන් සේවාවන් විසින් ගුවන් ගමන් ගාස්තු 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමනු ඇතැයි අපේක්ෂා කරන බව රයන් එයාර් හි ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ඕ'ලියරි පසුගිය මාසයේදී ප්‍රකාශ කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

