ඇමෙරිකාවේ ෆ්ලොරිඩා නුවර ආසන්නයට ඉරිදා දින ව්‍යාපාරික ජෙට් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ
නව දෙනාම මිය ගිය බව එක්සත් ජනපද ප්‍රවාහන ලේකම්වරයා පැවසීය.
පාම් බීච් ප්‍රාන්තයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයක් වන මාර්-ඒ-ලාගෝ සිට සැතපුම් නවයක් (කිලෝමීටර් 14) පමණ දුරින් පිහිටි ක්රෙස්තවන් ප්‍රදේශයට මෙම ජෙට් යානය කඩා වැටී තිබේ. ලියර්ජෙට් 60 ගුවන් යානය මෙම අනතුරින් සුන්බුන් බවට පත්විය.
ගුවන් යානය ටෙක්සාස්හි ඔස්ටින් සිට පිටත් වී බහමාස් වෙත ගමන් කර ඇති බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය
නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එක්සත් ජනපද මාධ්‍ය වාර්තා සහ පියාසැරි විශ්ලේෂණයන් පෙන්නුම් කරන්නේ ජෙට් යානය අනතුරට පෙර
තත්පරයට අඩි සිය ගණනක් පහළට ඇද වැටෙමින් තිබූ බවයි.
