කාවන්තිස්සගේ ජීවමාන ප්රමාණයේ ප්රතිමාවක් සකස් කරන්න යයි
සියඹලංමුව වැව් රක්ෂිතයේ සැරිසැරූ මහ ඇති ‘කාවන්තිස්ස’ වෙනුවෙ එම ඇතාගේ ජීවමාන ප්රමාණයේ ප්රතිමාවක් නිර්මාණය කිරීමේ වැඩසටහනක් විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා විසින් ආරම්භ කර ඇත.පසුගියා ජීවිතක්ෂයට පත්වූ මෙම හස්තියාට කාවන්තිස්ස නම යොදා ඇත්තේද සජිත් ප්රේමදාස මහතා වෙයි.
කාවන්තිස්ස නායකත්වය හෙබවූ කහල්ල-පල්ලෙකැලේ අලි රංචුව නිතර ගැවසෙන ප්රදේශයට ඉතා ආසන්නව පිහිටි අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්රදේශයේ පිහිටි අභාවප්රාප්ත ජනාධිපති ආර්. ප්රේමදාස මහතාගේ වතු පරිශ්රයේ මෙම ප්රතිමාව ස්ථාපිත කිරීමට නියමිතය.
වෙන් කරන ලද මෙම භූමි භාගය අදාළ ප්රතිමාවෙන් සහ පර්යේෂණ/පුස්තකාල පරිශ්රයකින් සමන්විත වන අතර, එමගින් පර්යේෂණ ප්රවර්ධනය කිරීම, අලි-මිනිස් ගැටුම අවම කරමින් සමනය කිරීමේ පියවරයන් සඳහා මධ්යස්ථානයක් පිහිටුවීම සහ වත්මන් හා අනාගත ශ්රී ලාංකික පරම්පරාවල යහපත උදෙසා ඇත් සහ අලි රංචු සංරක්ෂණය කිරීම ප්රවර්ධනය කරනු ඇත.
විපක්ෂ නායක සහ ශ්රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් යුත් ‘කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය’ (KAWANTISSA Tusker Protection Task Force) මගින් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ. කාවන්තිස්සට ආදරය කරන සියලු දෙනාට මෙම උතුම් සත්කාර්යය සඳහා එක්වන ලෙස සජිත් ප්රේමදාස මහතා ආරාධනා කර සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

