විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් 'බඩෝවිට අසංක' නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ බව කියන ප්‍රධාන ජාවාරම්කාරියක හෙරොයින් ග්‍රෑම් 62යි මිලිග්‍රෑම් 600ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වැටලීම් කණ්ඩායමක් විසින් දෙහිවල පොලිස් වසමට අයත් ගල්කිස්ස, අබේසේකර පාරේ නිවසක් ඉදිරිපිටදී මෙම වැටලීම සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරියගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ විදේශගතව සිටින බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මෙරට ප්‍රධාන ජාවාරම්කාරියක ලෙස කටයුතු කරමින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු හා වැඩිදුර විමර්ශන සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
