ලක්ෂ 494ක කොකේන් සමග දකුණු කොරියා ජාතිකයෙක් අත්අඩංගුවට
රුපියල් හාර කෝටි අනූ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා " කොකේන් " මත්ද්රව්ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ " මග හැරී " තිබූ ගමන් මල්ලක් රැගෙන යාමට පැමිණි විදේශීය ගුවන් මගියෙකු සමග 11/01 දින පස්වරුවේ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු 64 හැවිරිදි වියේ පසුවන දකුණු කොරියානු ජාතික වඩු කාර්මික ශිල්පියෙකි. ඔහු ඉකුත් 10/26 දින මෙම මත්ද්රව්ය තොගය රැගෙන සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට ෆල්යි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔහුගේ මත්ද්රව්ය සහිත ගමන් මල්ල ඔහු පැමිණි ගුවන් යානයෙන් රැගෙන පැමිණ නොතිබූණු අතර පසුව වෙනත් ගුවන් යානයකින් එම ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මේ පිළිබද බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා වෙත ලැබී තිබූ අතර , ඒ අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම කොරියානු ජාතිකයා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්රව්ය තොගය 11/02 දින මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

