කොස්ලන්ද ගම්පහ ප්රාදේශයේදී අද 01 කබල්ලෑවකු රිංගා සිටි ගුහාවකට ඇතුළු වූ පුද්ගලයකු එහි සිරවී ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ගම්පහ පදිංචි ආර්. රමේස් නමැති තිස් හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පැවසීය.
කබල්ලෑවා ගුහාවට රිංගා ඇති බව දැක අල්ලාගැනීම සඳහා බඩගාගෙන ගුල තුළට ගියපසු පස් කඩා වැටී අතර එහි සිරවී මෙම පුද්ගලයා එළියට ඒමට නොහැකිව ජීවිතක්ෂික පත්වී ඇති බවද පොලිසිය පැවසීය. කොස්ලන්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
