උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
දුම්රිය දෙපාර්තමේන්තුවේ රාත්රි මාර්ග සංචාර රාජකාරියේ නිරතව සිටි දුම්රිය සේවකයකු අද (19) අලුයම මෙසේ හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර 155/25 සැතපුම් කණුව අසලදී දුම්රිය මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටී ඇති අයුරු දැක දැනුම් දීම නිසාවෙන් අද (19) අලුයම කොළඹ බදුල්ල රාත්රි තැපැල් දුම්රිය එම ස්ථානය ට ලගා වීමට ඉඩ නොදී අතරමගදී නවතා ගෙන සිදු වීමට ගිය විශාල අනතුරක් වලකා ගත් බවද දුම්රිය බළධාරීන් පැවසූහ .
මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ රාත්රි තැපැල් දුම්රිය දැනට හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (19) අලුයම 5.45ට ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය මෙතෙක් ගමන් ආරම්භ නොකල බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශයකු කීය .
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔහිය දුම්රිය මාර්ග අංශයේ දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු මනිමේන්ද්ර්න් මහතාගේ මෙහෙයවීම මත ඔහිය දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පීන් දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති ගල්පර්වත පස්කදු ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇතැයි දුම්රිය බළධාරීන් පැවසූහ .
ඇල්ල ප්රසාද් රුක්මල්