ආර්.එම්.වී. අසළ කාක්කෝ 11ක් අල්ලයි
නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින් එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදී සිටි පුද්ගලයන් 11 කු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවක්ද වන බව පොලිසිය කියයි.
විවිධ අවශ්‍යතා සඳහා දෙපාර්තමේන්තු වෙත යතුරු පැදි සහ වාහනවලින් පැමිණෙන පුද්ගලයන්ගේ වාහන නැවතීමේදී විවිධ බලපෑම් කරමින් මුදල් එක්රැස් කරන බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බහුතරයක් දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවත් ඒවා මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ රැඳී සිටින බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාරහේන්පිට පිට මැනීන් ටවුන්හි පදිංචිකරුවන් බව පොලීසිය කියයි
කොළඹ දකුණු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන් අබේගුණවර්ධන සහකාර පොලිස් අධිකාරි චානක අබේසිරි ගුණවර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

